Posts

Showing posts from October, 2018

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රය සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

Image
හිතන්න ඔබ චීනයේ ජීවත් වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි අයෙක් බව.ඔබට පුලුවන් Alibaba වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට, Alipay විසින් ඒ සදහා ගෙවීම් කිරීමට, ඔබ සතුව අමතර මුදල් ඇත්නම් එය Ant Financial Money Market Fund එකෙහි ආයෝජනය කිරීමට. දැන් බලමු ශ්‍රී ලංකාව දෙස.අපගේ e- commerce ආයතන හරහා මිලදී ගැනීම් කරන්න පුලුවන්.ගෙවීම් කිරීමට e-wallets නම් ලංකාවේ නොමැත.ඔබට credit card හෝ debit card වෙතින් හෝ cash on delivery කල හැකියි.අමතර මුදල් ඇත්නම් කෙටිකාලීන අයෝජනයට ඔබගේ බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයක සහය පැතිය යුතුයි.ඉහත සදහන් කල සියලු කටයුතු online කරගැනීම අපේ රටේ නම් තවම සිහිනයක් පමණයි. KYC - Know Your Customer  මහ බැංකුව විසින් සියලුම මුල්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නියෝගයක් නම් මෙමෙ KYC යන්න. එනම් ඔබ ඔබගේ ගනු දෙනු කරුවා පිළිබද විස්තර දැනගත යුතුයි.එනම් එම ගනුදෙනුකරුවාට මුදල් ලැබුනේ කෙසේද කොපමණ ප්‍රමාණයක් ආයෝජනය කරනවාද,රැකියාව, වයස, ස්ථිර ලිපිනය ආදී බොහෝ කරුණු පිලිබදව විමසා සිටිනවා.මෙම කරුණු පුරවා දීමට අප අනිවාර්යයෙන් අදාල බැංකුවේ හෝ මුල්‍ය ආයතනයේ පෙනී සිටිය යුතුමයි. NTB බැ

අපේ රුපියල දිනෙන් දින බාල්දු වන්නේ වන්නේ ඇයි

Image
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් තමයි රුපියලේ අගය අවප්‍රමානය වීම.මේ දිනවල දේශපාලන වේදීකාවේ වගේම ආර්ථික විද්‍යඥයින් මේ ගැන විවිධාකාරයෙන් අදහස් දක්වනු දකින්නට ලැබුනා.මොකද රුපියලේ අගය අවප්‍රමානය වීම මගින් අපේ එදිනෙදා ජීවිතයේ වැඩවලට, සේවාවන් සදහා වන බලපෑම් බොහොම වැඩියි.කිරිපිටි මිල, ගෑස් මිල, තෙල් මිල සිට බෙහෙත් වර්ග දක්වා අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ බොහොමයක මිල ගනන් වෙනස් වන්න පුලුවන් රුපියලේ අගය අවප්‍රමානය වීම සමඟ. මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වාර්තවූ අවම අගය වන 170 ඉක්මවූ අගයක් වාර්තා වනවා.රුපියලේ අගය පහල යාම පාලනය කිරීමට මුදල් ඇමතිවරයා විසින් තදබල තීන්දුවක් ගන්නවා ආනයන සිමා කිරීමට.වාහන, ජංගම දුරකථන , සපත්තු , සුවද විලවුන් ඇතුලු ද්‍රව්‍ය ගණනාවක් සදහා ආනයන සිමා පැනවුවා.දැන් වාහනයක් ගන්න අවශ්‍ය නම් වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක් මුදල් තැන්පතුවක් අවශ්‍යයි ණයවර ලිපි විවෘත කරන විට. ඇයි අපේ රුපියල මේ විදියට අවප්‍රමානය වන්නේ.පහත විස්තර කරලා තියෙන්නේ ඒ සදහා බලපාන හේතු කිහිපයක් . අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ශක්තිමත් වන ඇමරිකානු