Posts

Showing posts from February, 2019

ශ්‍රී ලංකාව සදහා සංවර්ධන බැංකුවක අවශ්‍යතාවය

Image
Professor Howard Nicholas- Sri Lanka Economic Summit 2017 මොනවද මේ සංවර්ධන බැංකු සංවර්ධන බැංකු යනු දීර්ඝ කාලීන ආයෝජන සඳහා ණය ලබාදෙන බැංකුවකි.සංවර්ධන බැංකුවක් මගින් ණය සහ ප්‍රාග්ධනය යන දෙකම ලබාදිය හැක. සංවර්ධන බැංකු මගින් ඔවුන් ලබා දෙන ණය සහ ප්‍රාග්ධන ආයෝජන සමීපව නිරීක්ෂණය කරන අතර එම ව්‍යාපාර සමඟ විශේෂ සබඳතා බැංකුකරණයක් පවත්වා ගනියි.හුදු ලාබය මතම පදනම් නොවී ව්‍යාපාර වල දීර්ඝකාලීන දියුණුව සදහා ක්‍රියාකරයි. ලොව අනෙකුත් රටවල සංවර්ධන බැංකු දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සංවර්ධනය කිරීම සඳහා ජර්මානු සංවර්ධන බැංකුව අති විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. මීට අමතරව චීනයේ China Development Bank , Bank of China ,කොරියානු සංවර්ධන බැංකුව, ඉන්දියාවේ Industrial Development Bank Of India බැංකු සඳහන් කළ හැක.විශේෂම කාරණය නම් මෙම සියලුම බැංකු 100% ක්ම රජයේ හිමි කාරිත්වය ඇති බැංකු වීමයි.විශේෂයෙන් මෑත කාලීනව ගතහොත් චීනයේ China Development Bank සහ Bank of China මගින් චීනයේ ව්‍යාපාර වලට ලබා දී ඇති අතහිත අති විශාලය. ශ්‍රී ලංකාවේ සංවර්ධ බැංකු ශ්‍රී ලංකාවට සංවර්ධන බැංකු දෙකක්