Posts

Showing posts from May, 2018
Image
සීතල යුධ සමයේ ඔත්තුකාරයා-SR 71- Blackbird Chamikara Sapuge wikimedia.org සීතල යුධ සමයේ සෝවියට් සමූහාන්ඩුවේ ඔත්තු බැලීමට මෙම යානය යොදා ගත්තා.එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම වේගයකින් ගමන් කල යානය මෙයයි.3500 kmph .ශබ්දයේ වේගය මෙන් තුන් ගුනයක්.එම වේගයේදී යානය මිසයිලයකට වඩා වේගවත්. 1960 සිට 1999 දක්වා මෙම ගුවන් යානා සේවයේ යෙදුනා.නිපදවූ යානා ගනන 32.කිසිදු යානාවක් සතුරු ප්‍රහාරයකට ගොදුරු උනේ නැහැ.ලොක්හීඩ් මාටින් සමාගම විසින් මෙය නිපදවූවා. tested.com අඩි 80,000 ( 25 කි.මි) උඩින් ගමනේ යෙදුනු මෙම ගුවන් යානාවේ නියමුවාර පෘතුවියේ වක් හැඩයද දැක ගත හැකි වුනා.පෙමන උසකින් ගමන් කල නිසා නියමුවන්ට ව්ශේශ ඇදුම් කට්ටල සහ ඔක්සිජන් මාස්ක් පාවිච්චි කල යුතු වුනා.මෙය සදහා ඔවුන්ට වෙනම ගුවන් යානා ඉන්ධනයක්ද නිපදවන්න්ට සිදුවූවා.(JP -17) මොකද යානය 3500 kmph වේගයෙන් ගමන් කරන විට එහි උශ්නත්වය 315 C පමන වූවා. lockheedmartin.com කතාව තියෙන්නේ ලොක්හීඩ් සමාගම නියමුවන් රහිත "SR 72-Blackbird " නිපදවන බව.එහි වේගය ශබ්දයේ වේගය මෙන් 6 ගුනයක්.
Image
Fintech තාක්ෂණය Chamikara Sapuge Fintech කියන්නේ මූල්‍ය ගනුදෙනු ,සේවාවන් සදහා නව තාක්ෂණය යොදා ගැනීම.මෙය මෘදුකාංග සේවාවන් වශයෙන් හෝ වෙනයම් ආකාරයට ක්‍රියා කරන්න පුලුවන්.මුල් කාලයේදී මෙම Fintech නම බාවිතා උනේ පාරිභෝගික සහ මූල්‍ය ආයතන වල back end වැඩ කටයුතු සදහා.නමුත් මේ වනවිට එය වැඩිදියුණු වී මූල්‍ය අංශයේ ඕනෑම තාක්ෂණික නව නිපැයුමක් සදහා මෙම වචනය යොදාගන්නවා.එය බැංකුකරණයේ සිට,අධ්‍යාපන කටයුතු සහ Cryptocurrency යන සියලු දේ සදහා අදාල වනවා. Fintech තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට කැඩෙනවා.මේ ඒ අතරින් කිහිපයක් . 1  Blockchain Blockchain තාක්ෂණය තමා cryptocurrency සදහා භාවිතා කරන තාක්ෂණය.හැම දෙනාම අහල ඇති Bitcoin ගැන .Bitcoin තමා පලමුවෙන්ම පැමිණි cryptocurrency එක සහ දැනට වැඩිම වෙළෙඳ පොල වටිනාකමක් ඇති cryptocurrency එක. Cryptocurrency වලට අමතරව blockchain තාක්ෂණය යටතේ තව බොහෝ දෙවල් කරන්න පුලුවන්.Samsung සමාගම ඔවුන්ගේ supply chain management එකට මෙම තාක්ෂණය යොදාගන්න යනවා.නැව් සමාගමුත් මෙම තාක්ෂණය යොදා ගැනීම සමබන්දයෙන් සොයා බලමින් සිටිනවා. 2 ICO - Initial
Image
ලොව වේගවත්ම ගුවන් යානය- X 43 A By Chamikara Sapuge ගුවන්යානය සමග සිටින විද්‍යාඥයින් කන්ඩායම ශබ්දයේ වේගය මෙන් දස ගුනයක වේගයෙන් යන ගුවන් යානයක්.පැයට කිලෝමීටර 11,000 වේගයෙන් ගමන් කරන යානයක්.ඒ තමයි X 43 A. මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ නාසා එකෙන්.1986 දී.1994 මේක නවත්වනවා කොස්ට් එක වැඩියි කියලා.ආපහු 1996 පටන් ගන්නවා වැඩේ.යානා තුනක් හදන්න තමා ප්‍රොජෙක්ට් එක. B 52 යානයට අමුනා x-43 ගුවන්ගත කර ඇති ආකාරය පලමු යානා දෙක ශබ්දයේ වේගය මෙන් 7 ගුනයක් ( පැයට කි.මි.8600) තුන්වෙනි එක ශබ්දයේ වේගය මෙන් 10 ගුනයක් වෙන්නත් තමා ප්ලෑන් එක. කෙලින්ම අන්තිම එකට එන්නම්.ගුවන් යානා කිව්වට මෙව ඇත්තටම පොඩියි.X43 A දිග 3.7 මීටර.බර 1300 Kg .මේකේ උනුසුමට ඔරොත්තු දෙන්න විශේශ ලෝහ ( Reinforced Carbon- Carbon )සහ ක්‍රමවේද යොදාගන්න උනා.වැඩිම උශ්නත්වය සෙල්සියස් 1900.මේවගේ පාවිච්චි කරන එන්ජින් වලට කියන්නේ Scramjet.( Supersonic Combustion Ramjet). x-43 ගුවන්යානය මේ යානා ගුවන් පතයක සිට ගුවන් ගත කරන්නේ නෑ.ඉස්සෙල්ලම B -52B Bomer යානයකින් අඩි 40,000 උඩට අරන් යනවා.එතනින් නිදහස් කරලා වැඩිදියුනු කරන

ඇමරිකාවේ පිහිටි දුශ්කරම ගම්මානය -Supai

Image
By Chamikara Sapuge වාහන නොමැති , පාරවල් නොමැති , කොටළුවන් යෙදූ කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන ගමක් ඇමරිකාවේත් තියෙනවා.කිව්වොත් ඔබ විශ්වාස කරනවද.ඔව් එහෙම ගමක් ඇමරිකාවේත් තියෙනවා .ඒ තමා ඇරිසෝනා ප්‍රාන්තයේ Grand Canyon හි පිහිටා ඇති Supai ගම්මානය.Grand Canyon හි පිහිටා ඇති එකම මිනිසුන් ජීවත් වන ස්ථානය ලෙසත් Supai ගම්මානය හදුන්වන්න පුලුවන්. ගම්මානයට යන්න පුලුවන් එකම ක්‍රමය පයින් , කොටළුවන් හෝ හෙලිකොප්ටරයක් මගින් පමණයි.ඇලස්කාව සහ හවායි හැරුනුකොට එක්සත් ජනපදයේ ඇති ප්‍රාන්ත 48 හි ඇති දුශ්කරම ගම්මානය ලෙස සැලකෙන්නේ මෙය. Supai ගම්මානයේ ජීවත් වන්නේ ස්වදේශීක ඇමරිකානුවන්.ඔවුන් අයත් වන්නේ Havasupai ස්වදේශීක ඇමරිකානු කන්ඩායම වෙත.මෙම “ Havasupai යන්න ස්වදේශීක ඇමරිකානු වචනයක් වන අතර එහි තේරුම ගතහොත් Ha යන්නෙන් වතුර ලෙසත් ,vasu යන්නෙන් නිල් සහ කොල ලෙසත් ,pai යන්නෙන් මිනිසුන් ලෙසත් දැක්වෙනවා. ලොව ස්වාභාවික පුදුම හතෙන් එකක් වන මෙම Grand Canyon හි ඔවුන් වසර 1000 පමණ පෙර සිට ජීවත් වනවා.ගම්මානය ප්‍රසිද්ධ එහි නිල් සහ කොල පැහැ ජලය ඇති ඉතා අලංකාර දියඇලි නිසා. Supai ගම්මානයේ ඉතිහාසය.