Posts

Showing posts from December, 2019

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

Image
Chamikara Sapuge  2019 වසරේ ලොව Innovative index හි රටවල් 129ක් අතරින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 89 ස්ථානයයි.Innovations එසේ නැත්නම් නව්‍යකරණය රටේ ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවේ ආර්ථික වර්ධනයෙන් 3/4 හේතුවක් ලෙස නව්‍යකරණය හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ ද නවනිපයුම් කරුවන් සඳහා වූ කොමිසමක් ද පවතී. එය අයත් වන්නේ විද්‍ය තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයට ය. කුඩා රටවල නවිකරණ රහස සිංගප්පූරුව ලොව innovative index එකෙහි අංක 8 වශයෙන් සඳහන් වෙයි නමුත් සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.6 ක් පමණි එමෙන්ම මිලියන 7.5 පහක ජනගහනයක් සිටින හොංකොං අංක 13 ස්ථානයේ වැජඹෙයි. තවද ලක්ෂ 6ක් පමණ ජනගහනයක් සිටින ලක්සම්බර්ග් අංක18 ස්ථානයේ සිටී. සිංගප්පූරුව  2016 වසරේදී සිංගප්පූරු රජය විසින් $ 14 bn පර්යේෂණ( innovation activities) සදහා වියදම් කරන ලදී. ඔවුන් විසින් ඔවුන් ආයෝජනය කළ ක්ශේත්‍ර හතරක් නම් කරන ලදී. ඒවා නම් ඉංජිනේරු ක්‍රියාදාමයන්(Advanced Manufacturing and Engineering), සෞඛ්‍ය හා ජෛව වෛද්‍ය විද්‍යාව(Health and Biome