ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රය සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම




හිතන්න ඔබ චීනයේ ජීවත් වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි අයෙක් බව.ඔබට පුලුවන් Alibaba වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට, Alipay විසින් ඒ සදහා ගෙවීම් කිරීමට, ඔබ සතුව අමතර මුදල් ඇත්නම් එය Ant Financial Money Market Fund එකෙහි ආයෝජනය කිරීමට.

දැන් බලමු ශ්‍රී ලංකාව දෙස.අපගේ e- commerce ආයතන හරහා මිලදී ගැනීම් කරන්න පුලුවන්.ගෙවීම් කිරීමට e-wallets නම් ලංකාවේ නොමැත.ඔබට credit card හෝ debit card වෙතින් හෝ cash on delivery කල හැකියි.අමතර මුදල් ඇත්නම් කෙටිකාලීන අයෝජනයට ඔබගේ බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයක සහය පැතිය යුතුයි.ඉහත සදහන් කල සියලු කටයුතු online කරගැනීම අපේ රටේ නම් තවම සිහිනයක් පමණයි.

KYC - Know Your Customer 




මහ බැංකුව විසින් සියලුම මුල්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නියෝගයක් නම් මෙමෙ KYC යන්න. එනම් ඔබ ඔබගේ ගනු දෙනු කරුවා පිළිබද විස්තර දැනගත යුතුයි.එනම් එම ගනුදෙනුකරුවාට මුදල් ලැබුනේ කෙසේද කොපමණ ප්‍රමාණයක් ආයෝජනය කරනවාද,රැකියාව, වයස, ස්ථිර ලිපිනය ආදී බොහෝ කරුණු පිලිබදව විමසා සිටිනවා.මෙම කරුණු පුරවා දීමට අප අනිවාර්යයෙන් අදාල බැංකුවේ හෝ මුල්‍ය ආයතනයේ පෙනී සිටිය යුතුමයි.

NTB බැංකුව විසින් ආරම්භ කර ඇති Frimi app එක පිලිබඳ ඔබ දන්නවා ඇති. එහිදී අපට සෙල්ෆි ජායාරූපයක් සහ හැදුනුම්පතේ ජයාරූපයක් ලබා දීමෙන් ලියාපදිංචි විය හැකියි. නමුත් ලගදී පවතී ආර්ථික සමලුවකදී NTB බැංකුවේ ඩිජිටල් අංශය බාරව සිටින Nazeem Mohammed මහතා පැවසුවේ එම ලියාපදිංචිය ප්‍රමාණවත් නොවන බව මහා බැංකුව පවසන බවයි.එහි ලියාපදිංචි වීම සදහා සාම්ප්‍රදායික KYC ක්‍රමය අනුගමනය කල යුතු බව මහ බැංකුව නියෝග කර ඇතිබවයි.

මෙහි විශේෂම කාරණය 2017 වසරේ ශ්‍රී ලංකාවේ සම්මතවූ The Electronic Transaction Amendment Bill යටතේ electronic අත්සන් සහ bio-metric ඩිජිටල් හැදුනුම්පත් සදහා යොදා ගත හැකි බව සදහන්වී තිබියදීත් මහ බැංකුව විසින් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමයි.

Blockchain Base Digital Identity For KYC -blockchain මත පදනම්වූ ඩිජිටල් හැදුනුම්පත 


Blockchain තාක්ෂණය මගින් අපට පුලුවන් අපටම ආවේණිකවූ ඩිජිටල් හැදුනුම්පතක් සකසා ගත හැකියි.අප රටට ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම සදහා යම් යම් කතාබහක් ඇතිවී තිබුණත් එය කතාවට පමණක්ම සීමාවී තිබෙනවා.

රජය මැදිහත්වීමකින් blockchain මත පදනම්වූ ඩිජිටල් හැදුනුම්පත් එකක් ක්‍රියාත්මක කලහොත් ඉහත සදහන් කල Frimi app එකට හෝ වෙනත් මුල්‍ය ආයතනයක ලියාපදිංචි වීමේදී අපහට මෙම blockchain ඩිජිටල් හැදුනුම්පත් යොදාගතහැකියි.අප ගිණුමක් ව්වෘත කරන විට , වෙනත් ආයෝජනයක් කරන විට, ගෙවීමක් කරන විට ආදී සියලුම කටයුතු සදහා මෙම ඩිජිටල් හැදුනුම්පත යොදාගතහැකියි.

Cross Border Payments - දේශසීමා අතර ගෙවීම්


දශක ගනනාවක් පුරා දෙරටක පිහිටි බැංකු අතර සිදුවන සිදුකරන ලද්දේ SWIFT( Society for Worldwide Inter bank Settlement) මගින්.නමුත් SWIFT හට දැන් නව තරග කරුවෙක් සිටිනවා.ඒ blockchain තාක්ෂණය මත පදනම්ව මෙම දේශ සීමා අතර ගෙවීම් කලහැකි ripple network.SWIFT මගින් දේශ සීමා අතර ගනුදෙනු පියවීමට දින කිහිපයක් ගතවිය හැකිමුත් ripple network හරහා එය ක්ෂණිකවම සිදුකලහැකියි.Ripple මගින් මේ සදහා අයකරන ගාස්තු SWIFT සමග සසඳන විට ඉතාම අඩුයි.මේ වනවිටත් ඔවුන් ජපානයේ බැංකු 61 සමඟ එකතු වී ඒ සදහා app එකක් සාදා තිබෙනවා.ලොවපුරා වෙනත් බැංකු ගනනාවක් ඔවුන් සමඟ එකතුවී මේ සම්බන්ධව කටයුතු කරනවා.

ශ්‍රී ලංකාව ඇතුලත මුදල් හුවමාරු කලහැකි ක්‍රම කිහිපයක්ම තිබෙනවා.RTGS, SLIP සහ CEFT ආදී ලෙස.මෙම ක්‍රම තිබුණත් අපට අවශ්‍ය වෙලවට ක්ෂණිකව මුදල් යැවීමට මෙම සේවාවන් ප්‍රමාණවත් මදි.මෙම බොහෝ සේවාවන් සති අන්තය තුලදී ක්‍රියාත්මක වන්නේ නැහැ.මැද පෙරදිග සහ ලොව අනෙකුත් රටවල සිටින් ශ්‍රී ලාංකිකයන් මුදල් එවීමේදී ඒ සදහා අඩුම වශයෙන් දින දෙක තුනක් ගතවනවා.ශ්‍රී ලාංකීය බැංකු මෙම නව තාක්ෂණය අත්හදා බලනවානම් අපේ නෑහිතමිතුරන් හට ප්‍රමාදයකින් තොරව මුදල් යැවීමට, එවීමට හැකියාව ලැබෙනවා.

Trade Finance -වෙළෙඳ ගනුදෙනු 



සාම්ප්‍රදායික වෙළෙඳ ගනුදෙනුවකදී භාණ්ඩ ආනයනකරු, අපනයන කරු,නැව සමාගම්, බැංකු ආදී ගනුදෙනුවට සහභාගී වන සියලුම පාර්ශවයන් අතර එම ගනුදෙනුවට අදාල සියලුම දත්ත ගබඩාවක් තිබිය යුතුයි.මෙම සියලුම දත්ත එක් එක් දත්ත අතර නිරන්තරයෙන් සැසදීම කලයුතුයි.කිසියම් ලේඛනයක වැරැද්දක් තිබුවහොත් එය නිවැරැදි කිරීමට කටයුතු කලයුතුයි.මෙම ක්‍රියාවලියට සාමාන්‍යයෙන් දින කිහිපයක සිට දින 10 ක් දක්වා කාලයක් ගතවිය හැකියි.

නමුත් මෙම ක්‍රියාවලියට blockchain තාක්ෂණය යොදාගහොත් එක ඩිජිටල් ලියවිල්ලක් තුල එම ගනුදෙනුවට අදාල සියලුම දත්ත ගබඩා කලහැකියි.එමෙන්ම එය ක්ෂණිකව යාවත්කාලීන කලහැකියි.එම ගනුදෙනුවට අදාල සියලුම පාර්ශවයන් හට එම දත්ත එකම වේලාවකදී දැකිය හැකි වනවා.

මෙම වසරේ මැයි මාසයේදී HSBC බැංකුව විසින් ලොව ප්‍රථම blockchain මත පදනම්වූ වෙළෙඳ ගනුදෙනුව සිදුකරනවා.HSBC පවසා සිටියේ සාමාන්‍යයෙන් දින 10 පමණ ගතවන එම ගනුදෙනුව පැය 24 ඇතුලත සිදුකල බවයි.



Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy