Posts

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රය සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

Image
හිතන්න ඔබ චීනයේ ජීවත් වන ස්මාර්ට් ජංගම දුරකථනයක් හිමි අයෙක් බව.ඔබට පුලුවන් Alibaba වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට, Alipay විසින් ඒ සදහා ගෙවීම් කිරීමට, ඔබ සතුව අමතර මුදල් ඇත්නම් එය Ant Financial Money Market Fund එකෙහි ආයෝජනය කිරීමට.
දැන් බලමු ශ්‍රී ලංකාව දෙස.අපගේ e- commerce ආයතන හරහා මිලදී ගැනීම් කරන්න පුලුවන්.ගෙවීම් කිරීමට e-wallets නම් ලංකාවේ නොමැත.ඔබට credit card හෝ debit card වෙතින් හෝ cash on delivery කල හැකියි.අමතර මුදල් ඇත්නම් කෙටිකාලීන අයෝජනයට ඔබගේ බැංකුව හෝ වෙනත් මූල්‍ය ආයතනයක සහය පැතිය යුතුයි.ඉහත සදහන් කල සියලු කටයුතු online කරගැනීම අපේ රටේ නම් තවම සිහිනයක් පමණයි.
KYC - Know Your Customer 



මහ බැංකුව විසින් සියලුම මුල්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නියෝගයක් නම් මෙමෙ KYC යන්න. එනම් ඔබ ඔබගේ ගනු දෙනු කරුවා පිළිබද විස්තර දැනගත යුතුයි.එනම් එම ගනුදෙනුකරුවාට මුදල් ලැබුනේ කෙසේද කොපමණ ප්‍රමාණයක් ආයෝජනය කරනවාද,රැකියාව, වයස, ස්ථිර ලිපිනය ආදී බොහෝ කරුණු පිලිබදව විමසා සිටිනවා.මෙම කරුණු පුරවා දීමට අප අනිවාර්යයෙන් අදාල බැංකුවේ හෝ මුල්‍ය ආයතනයේ පෙනී සිටිය යුතුමයි.
NTB බැංකුව විසින් ආරම්භ කර ඇති Fri…

අපේ රුපියල දිනෙන් දින බාල්දු වන්නේ වන්නේ ඇයි

Image
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් තමයි රුපියලේ අගය අවප්‍රමානය වීම.මේ දිනවල දේශපාලන වේදීකාවේ වගේම ආර්ථික විද්‍යඥයින් මේ ගැන විවිධාකාරයෙන් අදහස් දක්වනු දකින්නට ලැබුනා.මොකද රුපියලේ අගය අවප්‍රමානය වීම මගින් අපේ එදිනෙදා ජීවිතයේ වැඩවලට, සේවාවන් සදහා වන බලපෑම් බොහොම වැඩියි.කිරිපිටි මිල, ගෑස් මිල, තෙල් මිල සිට බෙහෙත් වර්ග දක්වා අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ බොහොමයක මිල ගනන් වෙනස් වන්න පුලුවන් රුපියලේ අගය අවප්‍රමානය වීම සමඟ.
මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වාර්තවූ අවම අගය වන 170 ඉක්මවූ අගයක් වාර්තා වනවා.රුපියලේ අගය පහල යාම පාලනය කිරීමට මුදල් ඇමතිවරයා විසින් තදබල තීන්දුවක් ගන්නවා ආනයන සිමා කිරීමට.වාහන, ජංගම දුරකථන , සපත්තු , සුවද විලවුන් ඇතුලු ද්‍රව්‍ය ගණනාවක් සදහා ආනයන සිමා පැනවුවා.දැන් වාහනයක් ගන්න අවශ්‍ය නම් වාහනයේ වටිනාකම මෙන් දෙගුණයක් මුදල් තැන්පතුවක් අවශ්‍යයි ණයවර ලිපි විවෘත කරන විට.
ඇයි අපේ රුපියල මේ විදියට අවප්‍රමානය වන්නේ.පහත විස්තර කරලා තියෙන්නේ ඒ සදහා බලපාන හේතු කිහිපයක් .

අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ශක්තිමත් වන ඇමරිකානු ඩොලරය

 Dollar Index 

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

Image
By Chamikara Sapuge 

තාක්ෂණය කොතරම් දියුණු උවත් තවමත් අපේ රටේ නම් රජයෙන් වැඩක් කරගන්න ගියාම එය ටිකක් කරදකාරී දෙයක්.නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීමට රජය විසින් යම් යම් පියවර ආරම්භ කර තිබුණත් තව බොහෝදේ ඒ සම්බන්ධව කලහැකියි.  ප්‍රාදේශීය සභාවෙන් නිවසක සැලැස්ම අනුමත කරන තැන සිට , ආගමන විගමන දෙපාර්තමේන්තුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව , රේගුව, ආදී නම් නොකියවූ බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවල කාර්යන් සදහා තවමත් ලිපි ලේඛන වල භාවිතයේ නම් අඩුවක් නැහැ.
නමුත් පසුගිය වසර කිහිපය තුල කරලියට පැමිණි blockchain තාක්ෂණය හරහා මෙම ප්‍රශ්නවලට විසදුමක් ලගාකර ගන්න හැකියාව ලැබී තිබෙනවා.ලොව බොහෝ රටවල් මෙම blockchain තාක්ෂණය පිලිබඳ අධ්‍යායනය කරමින් කාර්යක්ෂම ,ගුනාත්මක සහ පහසු රාජ්‍ය සේවයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.අපේ රටටත් මෙම blockchain තාක්ෂණය පිලිබඳ සොයා බලා එය රාජ්‍ය සේවයේ කටයුතු පහසු කිරීමට දැන් කාලය හරි.මෙම ලිපිය අපේ රටෙ සදහා එම blockchain තාක්ෂණය යොදා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව සොයාබැලීමක්.
Blockchain තාක්ෂණය ගැන කෙටි හැදින්වීමක්
Blockchain තාක්ෂණය එහෙම නැත්නම් distr…

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Image
By Chamikara Sapuge 


පසුගිය අවුරුදු කිහිපය තුල කතාබහට ලක්වුණු දෙයක් තමා cryptocurrency. හැමෝම වගේ bitcoin ගැන කතා කරන්න පටන් ගත්තා.මේ cryptocurrency එක්ක ආපු අනෙකුත් තාක්ෂණය තමා blockchain.මේ blockchain තාක්ෂණය මගින් cryptocurrency නිපදවීම හැර තවත් බොහෝ දේ කලහැකියි.මෙම ලිපිය මගින් blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර කිරීමක් සිදුකරනවා.
Blockchain කියන්නේ පරිගණක ජාලයක් හරහා බෙදාගන්නා දත්ත ගබඩාවක්.මෙම දත්ත ගබඩාවට යම් තොරතුරු එකතු කලවිට එය වෙනස් කිරීම බොහොම අපහසුයි.මෙම දත්ත සමුදායේ සියලුම පිටපත් ,විස්තර යම්කිසි වෙනස් වීමක් සිදුවී හා දත්ත ගබඩාවේ සියලුම පිටපත් එකක් බව සනාථ කිරීමට මෙම ජාලය නිරන්තර පරීක්ශාවට ලක්වනවා.

Blockchain Database 



සියලුම විස්තර එකට එකතු කර, එකට බන්ඩල් කර chain එකේ එකක් පසුපස එකක් ලෙස එකතු කරනවා.පහත විස්තර කරල තියෙන්නේ එම blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා.

පලමු පියවර - Record a Trade 





යම්කිසි වෙලදාමක් වාර්තා වනවා.හිතන්න ඔබ යම්කිසි භාණ්ඩයක් විකුණනවා ඔබගේ යහලුවකට.රුපියල් 100 මිලකට.මේ සදහා ඔබ යම්කිසි ගිවිසුමට අත්සන් තබනවා ඔබගේ ඩිජිටල් අත්සනින්…

Microfinance ණය අර්බුදය

By Chamikara Sapuge 
පසුගිය දිනවල උතුරේ සහ දකුණේ දේශපාලකයක් අතරේ කතා බහට ලක්වුණු කාරණයක් නම් මේ micro finance ණය අර්බුදය.ඔවුන් විසින් අයකරන අධික පොලී අනුපාත සම්බන්ධව.උතුරු පලාත් සභා මහඇමතිතුමා සදහන් කරසිටියේ මිනුසුන් සියදිවි නසාගන්නා තරමට මෙම ණය අර්බුදය දුර දිග ගොස් ඇති බවයි.අවසානයේදී මෙය රජයේ මැදිහත්වීමක් දක්වා දුරදිග ගියා. සති කිහිපයකට පෙර මුදල් ඇමතිවරයා විසින් රුපියල් 100,000 අඩු කාන්තාවන් විසින් ලබාගත් මෙම ණය කපාහැරීමට කැබිනට් තීරණයක් ගත් බවත් පැවසුවා.

මොනවද මේ Microfinance සමාගම් 
Microfinance සංකල්පය 80 දශකයේ බංගලාදේශ ආර්ථික විද්‍යාඥයකු වන මොහොමඩ් යූනුස් විසින් ආරම්භ කර පසු කාලීනව ලොව පුරා විහිදී ගිය සංකල්පයක්. ණය වාරිකය මසකට වතාවක් නොගෙවා දිනපතා හෝ සතිපතා ගෙවීම මේ යටතේ සිදුවනවා.මෙම ණය අගයෙන් කුඩා අගයන්.මෙම Microfinance සමාගම් විසින් බොහෝ විට ණය ලබාදෙන්නේ බැංකු මගින් සහ අනෙකුත් මූල්‍ය සමාගම් විසින් ණය ලබානොදෙන, ලබා ගත නොහැකි පුද්ගලයින් සදහා.
ශ්‍රී ලංකාවේ Microfinance ව්‍යාප්තිය.
ශ්‍රී ලංකාවේ මෙම microfinance සංකල්පයේ ආරම්භය ලෙස රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා විසින් ක්‍රියාත්මක …

Mobile Gaming සදහාම එන දුරකථනය - Asus Rog

Image
theverge.com
Mobile එකෙන් ගේම් ගහන අය වෙනුවෙන් ඔන්න Asus ආයතනයෙන් අලුත්ම Smartphone එකක් නිකුත් කරන්න යනවා.Phone එක Asus Rog.මෙහි Rog ලෙස හැදින්වෙන්නේ Republic Of Gamers.දුරකථනය හදුන්වා දුන්නත් වෙලදපොල වෙත බෙදාහැරීම ලබන කාර්තුවේ සිදුවන බව තමා සදහන් වන්නේ.
දැනට වෙලදපොලෙහි පවතින වේගවත්ම processor එකවන snapdragon 845 සහ adreno 630 graphics processor unit එකකින් මෙය සමන්විතයි.Gaming සදහාම මෙහි විශේෂිත 3D vapor chamber cooling පද්ධතියකින් දුරකථනය සමන්විතයි.මීට අමතරව circuit board එකෙහි විශේෂිත carbon cooling pads සහිතයි.මෙම Asus Rog සමඟ වෙනත් smartphone සමග දකින්නට නොලැබෙන විශෙෂිත ආම්පන්න ටිකක් ලැබෙනවා.පහත විස්තර කර ඇත්තේ එම ආම්පන්න පිලිබඳව.
Heatsink 

theverge.com
දුරකථනයේ පිටුපස මෙය සවිකරන්න පුලුවන්.මෙම Heatsink එකෙහි ඇති fan එක මගින් දුරකථනය රත්වීම අඩුකරනු ලබනවා.ඔබ ජංගම දුරකථනය මගින් ක්‍රීඩා කරනවානම් ඔබ දන්නවා එම ක්‍රීඩා කරද්දී දුරකථනය කොතරම් රත්වීමකට ලක්වනවාද යන බව.මෙම Heatsink එකටම ආදා USB C Type Port එකක් සහ Headphone Jack එකක් තිබෙනවා දුරකථනය landscape ආකාරයට තබා ක්‍රීඩා කරන අතරතුර…

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy

Image
By Chamikara Sapuge 
Sri Lanka does not have National Payment Platform. We are talking about it since 2015 but haven’t made a progress about the matter .Our Fintech and E- Commerce startups will flourish if we have a National Payment Platform and move into cashless economy. Paper money is disappearing across the world from Sweden, China and India. If the National Payment Platform comes to play people will use more digital money and move to cashless economy. 
National Payment Platform -NPP 
A payment platform is an essential piece of infrastructure for e- commerce and Fintech .In a digital economy where buyer’s meets sellers, customers meet supplier’s online. NPP would give consumers, businesses and government a platform to make fast, secure, versatile request for payments 24/7. A NPP can deliver secure payment request message to respective financial institution real time, allowing financial institution to clear and settle payment solution for two parties or many. It can simplify payme…

ලොව බලගතුම මිසයිල ආරක්ෂණ පද්ධතිය -THAAD

Image
Terminal High Altitude Area Defense නැත්නම් THAAD ලෙස හදුන්වන්නේ ඇමරිකාව විසින් නිපදවන ලද කෙටි , මධ්‍යම හා දිගුදුර දුර මිසයිල ආරක්ෂක පද්ධතියක්.THAAD හට පුලුවන් 200 km වපසරියක සහ 150 km උසක සිට පැමිනෙන මිසයිල අතර මගදී විනාශකිරීමට.

THAAD මිසයිල පද්ධතියේ ඉතිහාසය 
THAAD ගැන මුලින්ම කතා බහ ඇතිවන්නේ 1987 තරම් ඈත කාලයේදී.1992 වර්ශයේදී Lokheed Martin සහ Raytheon යන සමාගම් වලට THAAD නිපදවීම සදහා $ 689 Mn කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා.මින් ප්‍රධනම කොන්ත්‍රාත්කරුවා Lokheed Martin සමාගම.Raytheon සමාගම රේඩාර් සහ Traveling Wave Tube නිපදවීම සදහාත් , Datatape සමාගම දත්ත ගබඩාකිරීම සදහාත් ,EBCO සමාගම රේඩාර් කොත නිශ්පාදනයටත් යොදාගන්නවා.

THAAD ව්‍යාපෘතිය 2000 වසරේදී ඉන්ජිනේරු සහ නිපදවීම් කොටසට පැමිනෙනවා.2004 වසරේ මැයි මාසයේදී පරීක්ෂණ මිසයිල 16 ක නිශ්පාදන කටයුතු ආරම්භ වනවා.මිසයිල වල පරීක්ෂා කිරීම් කටයුතු 2005 වසරේදී ආරම්භ වනවා New Mexico පිගිටි white sands මිසයිල පරීක්ෂා කරන වැඩබිමේදී.අංග සම්පූර්ණ මිසයිල පද්ධතියේ පරීක්ෂණ කටයුතු 2006 වසරේදී ආරම්භ වනවා.2007ඔක්තෝම්බර් මාසයේදී කරන ලද පරීක්ෂණයකදී THAAD අපගේ ව…

සාමාන්‍ය රූපවාහිනීය Smart කරගන්නෙ කොහොමද

Image
By Chamikara Sapuge

පරිගණක ,ස්මාර්ට් ජංගම දුරකථන මෙන්ම දැන් රූපවාහිනී හරහාත් අන්තර්ජාලයේ සැරිසරන්න, වීඩියෝ දසුන් නරබන්න පුලුවන්.නමුත් රූපවාහිනීය හරහා මෙවැනි වීඩියෝ දසුන් නරබන්න නම් එය ස්මාර්ට් රූපවාහිනියක් විය යුතුයි.ප්‍රශ්නයකට තියෙන්නේ මෙම ස්මාර්ට් රූපවාහිනී තරමක් මිලෙන් අධික වීමයි.නමුත් දැන් ස්මාර්ට් රූපවාහිනී නැති වුනාට අන්තර්ජාලය තුලින් වීඩියෝ නොරබා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ.Streaming උපකරණ මාර්ගයෙන් රූපවාහිනීය ස්මාර්ට් කරගෙන අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝවක් නරබන්න පුලුවන්.Netflix ,Hulu වැනි Streaming සේවා වාගේම youtube ඇතුලු තවත් දහස් ගනනක රූපවාහිනී නාලිකා මේ මගින් නරබන්න පුලුවන්.එපමණක් නොවෙයි අපගේ ස්මාර්ට් ජංගම දුරකථනය රූපවාහිනීයට සම්බන්ධ කර එහි ඇති පින්තූර, වීඩියෝ හෝ දුරකථනය ක්‍රීඩා කිරීමට උවත් පුලුවන්.මෙම streaming උපකරණ සියල්ලම පාහේ HDR 10 හෝ 4K ගුනාත්මක බවින් යුතු වීඩියෝ සදහා අනුරූපී ලෙස නිපදවා ඇති නිසා සුපැහැදිලි වීඩියෝ දසුන් නැරඹීමේ හැකියාව සතුයි.නමුත් මෙම සුපැහැදිලි වීඩියෝ දසුන් නැරබීමට නම් ඒ සදහා අනුරූපී රූපවාහිනියක් අවශ්‍ය වනවා..අපේ රටේ නම් 4K රූපවාහිනීයක මිලත් බොහොම අධිකයි.…

දිනෙන් දින බාල්දු වන අපේ රුපියල

Image
By Chamikara Sapuge 

USD- LKR chart
මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් තමයි රුපියලේ අගය අවප්‍රමානය වීම. මේ දිනවල දේශපාලන වේදීකාවේ වගේම ආර්ථික විද්‍යඥයින් මේ ගැන විවිධාකාරයෙන් අදහස් දක්වනු දකින්නට ලැබුනා. මොකද රුපියලේ අගය අවප්‍රමානය වීම මගින් අපේ එදිනෙදා ජීවිතයේ වැඩවලට, සේවාවන් සදහා වන බලපෑම් බොහොම වැඩියි.කිරිපිටි මිල, ගෑස් මිල, තෙල් මිල සිට බෙහෙත් වර්ග දක්වා අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආනයන භාණ්ඩ බොහොමයක මිල ගනන් වෙනස් වන්න පුලුවන් රුපියලේ අගය අවප්‍රමානය වීම සමඟ.
මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වාර්තවූ අවම අගය වන 160 ඉක්මවූ අගයක් වාර්තා වනවා.ඇයි අපේ රුපියල මේ විදියට අවප්‍රමානය වන්නේ.පහත විස්තර කරලා තියෙන්නේ ඒ සදහා බලපාන හේතු කිහිපයක්.
අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ශක්තිමත් වන ඇමරිකානු ඩොලරය



DXY- US Dollar Index 
investing.com

ලෝකයේ ප්‍රධානතම මුදල් වලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වීම .අන්තර්ජාලයේ සේවීමක් කලහොත් දැකගන්න පුලුවන් Dollar Index එකක්. මෙම දර්ශකයට අදාල කේතය ලෙස DXY දක්වන්න පුලුවන්.

මෙම Dollar Index එක මගින් ලොව ගනුදෙනු සිදුකරන ප්‍රධානතම මූදල් වන යුරෝ, ජ…