Posts

Showing posts from August, 2018

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

Image
By Chamikara Sapuge  තාක්ෂණය කොතරම් දියුණු උවත් තවමත් අපේ රටේ නම් රජයෙන් වැඩක් කරගන්න ගියාම එය ටිකක් කරදකාරී දෙයක්.නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීමට රජය විසින් යම් යම් පියවර ආරම්භ කර තිබුණත් තව බොහෝදේ ඒ සම්බන්ධව කලහැකියි.  ප්‍රාදේශීය සභාවෙන් නිවසක සැලැස්ම අනුමත කරන තැන සිට , ආගමන විගමන දෙපාර්තමේන්තුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව , රේගුව, ආදී නම් නොකියවූ බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවල කාර්යන් සදහා තවමත් ලිපි ලේඛන වල භාවිතයේ නම් අඩුවක් නැහැ. නමුත් පසුගිය වසර කිහිපය තුල කරලියට පැමිණි blockchain තාක්ෂණය හරහා මෙම ප්‍රශ්නවලට විසදුමක් ලගාකර ගන්න හැකියාව ලැබී තිබෙනවා.ලොව බොහෝ රටවල් මෙම blockchain තාක්ෂණය පිලිබඳ අධ්‍යායනය කරමින් කාර්යක්ෂම ,ගුනාත්මක සහ පහසු රාජ්‍ය සේවයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.අපේ රටටත් මෙම blockchain තාක්ෂණය පිලිබඳ සොයා බලා එය රාජ්‍ය සේවයේ කටයුතු පහසු කිරීමට දැන් කාලය හරි.මෙම ලිපිය අපේ රටෙ සදහා එම blockchain තාක්ෂණය යොදා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව සොයාබැලීමක්. Blockchain තාක්ෂණය ගැන කෙටි හැදින්වීමක් Blockchain තාක

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Image
By Chamikara Sapuge  පසුගිය අවුරුදු කිහිපය තුල කතාබහට ලක්වුණු දෙයක් තමා cryptocurrency. හැමෝම වගේ bitcoin ගැන කතා කරන්න පටන් ගත්තා.මේ cryptocurrency එක්ක ආපු අනෙකුත් තාක්ෂණය තමා blockchain.මේ blockchain තාක්ෂණය මගින් cryptocurrency නිපදවීම හැර තවත් බොහෝ දේ කලහැකියි.මෙම ලිපිය මගින් blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර කිරීමක් සිදුකරනවා. Blockchain කියන්නේ පරිගණක ජාලයක් හරහා බෙදාගන්නා දත්ත ගබඩාවක්.මෙම දත්ත ගබඩාවට යම් තොරතුරු එකතු කලවිට එය වෙනස් කිරීම බොහොම අපහසුයි.මෙම දත්ත සමුදායේ සියලුම පිටපත් ,විස්තර යම්කිසි වෙනස් වීමක් සිදුවී හා දත්ත ගබඩාවේ සියලුම පිටපත් එකක් බව සනාථ කිරීමට මෙම ජාලය නිරන්තර පරීක්ශාවට ලක්වනවා. Blockchain Database  සියලුම විස්තර එකට එකතු කර, එකට බන්ඩල් කර chain එකේ එකක් පසුපස එකක් ලෙස එකතු කරනවා.පහත විස්තර කරල තියෙන්නේ එම blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. පලමු පියවර - Record a Trade  යම්කිසි වෙලදාමක් වාර්තා වනවා.හිතන්න ඔබ යම්කිසි භාණ්ඩයක් විකුණනවා ඔබගේ යහලුවකට.රුපියල් 100 මිලකට.මේ සදහා ඔබ යම්කි

Microfinance ණය අර්බුදය

By Chamikara Sapuge  පසුගිය දිනවල උතුරේ සහ දකුණේ දේශපාලකයක් අතරේ කතා බහට ලක්වුණු කාරණයක් නම් මේ micro finance ණය අර්බුදය.ඔවුන් විසින් අයකරන අධික පොලී අනුපාත සම්බන්ධව.උතුරු පලාත් සභා මහඇමතිතුමා සදහන් කරසිටියේ මිනුසුන් සියදිවි නසාගන්නා තරමට මෙම ණය අර්බුදය දුර දිග ගොස් ඇති බවයි.අවසානයේදී මෙය රජයේ මැදිහත්වීමක් දක්වා දුරදිග ගියා. සති කිහිපයකට පෙර මුදල් ඇමතිවරයා විසින් රුපියල් 100,000 අඩු කාන්තාවන් විසින් ලබාගත් මෙම ණය කපාහැරීමට කැබිනට් තීරණයක් ගත් බවත් පැවසුවා. මොනවද මේ Microfinance සමාගම්  Microfinance සංකල්පය 80 දශකයේ බංගලාදේශ ආර්ථික විද්‍යාඥයකු වන මොහොමඩ් යූනුස් විසින් ආරම්භ කර පසු කාලීනව ලොව පුරා විහිදී ගිය සංකල්පයක්. ණය වාරිකය මසකට වතාවක් නොගෙවා දිනපතා හෝ සතිපතා ගෙවීම මේ යටතේ සිදුවනවා.මෙම ණය අගයෙන් කුඩා අගයන්.මෙම Microfinance සමාගම් විසින් බොහෝ විට ණය ලබාදෙන්නේ බැංකු මගින් සහ අනෙකුත් මූල්‍ය සමාගම් විසින් ණය ලබානොදෙන, ලබා ගත නොහැකි පුද්ගලයින් සදහා. ශ්‍රී ලංකාවේ Microfinance ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ මෙම microfinance සංකල්පයේ ආරම්භය ලෙස රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ත