Posts

Showing posts from December, 2018

IMF තිත්ත කසාය වලින් අපට සුවය ලැබුනාද

Image
2016 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය ( balance of payments ) සදහා අප IMF මගින් $ 1.6 Bn  ණය මුදලක් ලැබිණි.අවුරුදු තුනක් සදහා ලබාදුන් මෙම ණය මුදලේ මූලික කොන්දේසි ලෙස අයවැය පරතරය අඩුකිරීම, රජයේ බදු ආදායම ඉහළ දැමීම ආදීය ඇතුලු විය. IMF කොන්දේසි වලට අනුව 2018 අප්‍රෙල් මාසයේදී වසරේදී අප විසින් නව “ දේශීය ආදායම් පනතක් “ සම්මත කරගන්නා ලදී. බදු ආදායම වැඩිවීද නවතම මහ බැංකු වාර්තා අනුව 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ මුල් මාස නවය සදහා රජයේ බදු ආදායම ඉහළ යාම 3% කි.රුපියල් අගයෙන් ගතහොත් බිලියන 38 පමණි.2018 වසර සදහා අයවැය මගින් 22% බදු ඉහළ යාමක් ඇස්තමේන්තු කර ඇත එනම් රුපියල් අගයෙන් බිලියන 324කි.ඉතුරු මාස තුන ඇතුලත මෙම ඇස්තමේන්තු අගයන් කරා ලගාවීම කිසිසේත්ම කල නොහැක්කකි.( සම්පුර්ණ වර්ශය සදහා බදු ආදායම ප්‍රකාශයට පත්වීමට තව කල්ගතවේ). අයවැය පරතරය අඩුවීද දැනට ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව සැප්තැම්බර් මස දක්වා රජයේ පුනරාවර්තන වියදම් අයවැය සමඟ අනුකූලව ඇති අතර ප්‍රාග්ධන වියදම් අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති අගයන්ට වඩා අඩුවෙන් ඇත.පසුගිය වසර සමඟ සසඳන විට ප්‍රාග