IMF තිත්ත කසාය වලින් අපට සුවය ලැබුනාද





2016 වසරේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය ( balance of payments ) සදහා අප IMF මගින් $ 1.6 Bn ණය මුදලක් ලැබිණි.අවුරුදු තුනක් සදහා ලබාදුන් මෙම ණය මුදලේ මූලික කොන්දේසි ලෙස අයවැය පරතරය අඩුකිරීම, රජයේ බදු ආදායම ඉහළ දැමීම ආදීය ඇතුලු විය.

IMF කොන්දේසි වලට අනුව 2018 අප්‍රෙල් මාසයේදී වසරේදී අප විසින් නව “ දේශීය ආදායම් පනතක් “ සම්මත කරගන්නා ලදී.



බදු ආදායම වැඩිවීද

නවතම මහ බැංකු වාර්තා අනුව 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ මුල් මාස නවය සදහා රජයේ බදු ආදායම ඉහළ යාම 3% කි.රුපියල් අගයෙන් ගතහොත් බිලියන 38 පමණි.2018 වසර සදහා අයවැය මගින් 22% බදු ඉහළ යාමක් ඇස්තමේන්තු කර ඇත එනම් රුපියල් අගයෙන් බිලියන 324කි.ඉතුරු මාස තුන ඇතුලත මෙම ඇස්තමේන්තු අගයන් කරා ලගාවීම කිසිසේත්ම කල නොහැක්කකි.( සම්පුර්ණ වර්ශය සදහා බදු ආදායම ප්‍රකාශයට පත්වීමට තව කල්ගතවේ).


අයවැය පරතරය අඩුවීද




දැනට ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව සැප්තැම්බර් මස දක්වා රජයේ පුනරාවර්තන වියදම් අයවැය සමඟ අනුකූලව ඇති අතර ප්‍රාග්ධන වියදම් අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති අගයන්ට වඩා අඩුවෙන් ඇත.පසුගිය වසර සමඟ සසඳන විට ප්‍රාග්ධන වියදම් වල අඩුවීමක් පෙන්නුම් කරයි.මේ මගින් රජය අයවැය පරතරය අඩුකර ගැනීමට බලාපොරොත්තු උවත් ප්‍රාග්ධන වියදම් අඩුකිරීම මගින් රටේ දීර්ඝකාලීන ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් සිදුවෙයි.

මෙම වසර සදහා අයවැය ඇස්තමේන්තවට අනුව රජය අයවැය පරතරය 4.8% දක්වා, රුපියල් අගයෙන් බිලියන 58 කින් අයවැය පරතරය අඩුකිරීමට යෝජනා කර ඇත.නමුත් සංඛ්‍යාලේඛන වලට 2018 වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 38 කින් වැඩිවී ඇත.මේ අනුව 2018 වසරේ අයවැය පරතරය 5.5% ප්‍රමාණයේම රැදෙන බවට උපකල්පනය කල හැක.

කෙටියෙන් පවසහොත් රජය IMF තිත්ත කසාය වේල් තුනටම අරගෙන ඇතත් එමගින් ලෙඩ සුවවී නැත.IMF සහ රජය බලාපොරොත්තුවූ ආකාරයේ බදු ආදායම් වැඩිවීමක් සිදුවී නොමැත.


ආර්ථික වර්ධනයට බලපාන මූල්‍ය ප්‍රතිපත්ති 




IMF මගින් දෙනු ලැබූ මූල්‍ය ප්‍රතිපත්ති , අවවාද පිලිපැදීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි.2018 වර්ශය සදහා තවමත් 4% ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් ලගාවී නොමැත.

2018 වසරේ ගෙනෙන ලද නව ආදායම් බදු පනත මගින් ව්‍යාපාර මත පනවන ලද බදු විශාල වශයෙන් ඉහළ දමන ලදී.ව්‍යාපාර සදහා නව VAT බදු, ආදායම් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු හදුන්වා දෙන ලදී.මීට අමතරව පුද්ගල ආදායම් මත පනවන උපයන විට ගෙවීම් බදු අගයන්ද ඉහළ දමා ඇත.ඔබ විශ්‍රාම යනවිට ඔබගේ gratuity මෙන්ම EPF, ETF නව ආදායම් බදු පනතෙන් බදු ගෙවීමට ලක්වෙයි.



පුද්ගලික අංශයේ ව්‍යාපාර වල ලාබ අඩුවීම



2018 දෙවන කාර්තුවේ ලැයිස්තුගත සමාගම් වල ලාභ 10.1% අඩුවීමක්ද ,තුන්වන කාර්තුවේ ලාභයේ 9.4% අඩුවීමක් පෙන්නුම් කරයි.එමෙන්ම බැංකු සහ මූල්‍ය ආයතන වල බොල් ණය වල ශිඝ්‍ර ඉහළ යාමක්ද පෙන්නුම් කරයි.


IMF තිත්ත කසායෙන් මොකද උනේ

මූලික IMF කොන්දේසි වශයෙන් බදු ආදායම වැඩිකර එමගින් රජයේ ආදායම වැඩිකර ගැනීමට යෝජනා වෙයි.රජයේ බදු ආදායම් වැඩිකිරීම මගින් අයවැය පරතරය අඩුකිරීම එහි අරමුණයි.නමුත් ඉහත සදහන් දත්ත බලනවිට, විශේෂයෙන්ම නව ආදායම් බදු පනත අප්‍රෙල් මාසයේදී හදුන්වා දීමත් සමග ආර්ථික වර්ධනයේ විශාල අඩුවීමක් පෙන්නුම් කරන අතර එම හේතුව නිසාම රජයේ බදු ආදායමේ ඉහළ යාමක් සිදුවී නොමැත.

මෙම නිසා 2018 වසරේ රාජ්‍ය අයවැය පරතරය ඇස්තමේන්තු ගතකල ආකාරයේ අඩුවීමක් දක්නට නොලැබෙනු ඇත.


IMF බෙහෙත් නැතුව අපට සරිලන දේ කිරීම.

දැන්වත් අප අපට ගැලපෙන ආකාරයේ ආර්ථික මොඩලයකට කටයුතු කිරීම ආරම්භ කිරීම කලයුතුය.බදු වැඩිකර රජයේ ආදායම වැඩිකිරීම නොව තිරසාර ආර්ථික ප්‍රතිපත්ති මගින් රට සංවර්ධනය කර එමගින් රජයේ බදු ආදායම වැඩිකිරීම රජයේ අරමුණ විය යුතුය.

Comments

Popular posts from this blog

මොනවද මේ Quantum පරිගණක කියන්නේ

අපේ රුපියල දිනෙන් දින බාල්දු වන්නේ වන්නේ ඇයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ශේත්‍රය සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම