ශ්‍රී ලංකාව සදහා සංවර්ධන බැංකුවක අවශ්‍යතාවය




Professor Howard Nicholas- Sri Lanka Economic Summit 2017


මොනවද මේ සංවර්ධන බැංකු

සංවර්ධන බැංකු යනු දීර්ඝ කාලීන ආයෝජන සඳහා ණය ලබාදෙන බැංකුවකි.සංවර්ධන බැංකුවක් මගින් ණය සහ ප්‍රාග්ධනය යන දෙකම ලබාදිය හැක. සංවර්ධන බැංකු මගින් ඔවුන් ලබා දෙන ණය සහ ප්‍රාග්ධන ආයෝජන සමීපව නිරීක්ෂණය කරන අතර එම ව්‍යාපාර සමඟ විශේෂ සබඳතා බැංකුකරණයක් පවත්වා ගනියි.හුදු ලාබය මතම පදනම් නොවී ව්‍යාපාර වල දීර්ඝකාලීන දියුණුව සදහා ක්‍රියාකරයි.


ලොව අනෙකුත් රටවල සංවර්ධන බැංකු


දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සංවර්ධනය කිරීම සඳහා ජර්මානු සංවර්ධන බැංකුව අති විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. මීට අමතරව චීනයේ China Development Bank , Bank of China ,කොරියානු සංවර්ධන බැංකුව, ඉන්දියාවේ Industrial Development Bank Of India බැංකු සඳහන් කළ හැක.විශේෂම කාරණය නම් මෙම සියලුම බැංකු 100% ක්ම රජයේ හිමි කාරිත්වය ඇති බැංකු වීමයි.විශේෂයෙන් මෑත කාලීනව ගතහොත් චීනයේ China Development Bank සහ Bank of China මගින් චීනයේ ව්‍යාපාර වලට ලබා දී ඇති අතහිත අති විශාලය.

ශ්‍රී ලංකාවේ සංවර්ධ බැංකු

ශ්‍රී ලංකාවට සංවර්ධන බැංකු දෙකක් තිබිණි. එනම් DFCC බැංකුව සහ NDB බැංකුවයි. මෙයින් DFCC බැංකුව 1955 වසරේ විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලද්දකි. NDB බැංකුව 1979 වසරේ විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන ලද්දකි.ස්ථාපනය කරන ලද අවස්ථාවේ මේ බැංකු දෙකෙහිම මූලික කාර්යභාරය වූයේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබාදීමය. නමුත් 1990 දශකයේ දී එවකට පැවැති දේශපාලන අධිකාරිය විසින් මෙම බැංකු දෙක ම කොටස් වෙළද පොළේ ලයිස්තුගත කිරීම මගින් පුද්ගලීකරණය කරන ලදී.

DFCC සහ NDB පෞද්ගලීකරණය 



Dr Howard Nicholas-ft.lk

ශ්‍රී ලංකාවේ කොළඹ සරසවියේ හිටපු ආර්ථික මහාචාර්යවරයකු වන Howard Nicholas 2017 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික සම්මන්ත්‍රණයක් අමතමින් පැවසුවේ DFCC සහ NDB බැංකු පෞද්ගලිකරණය කිරීම අප විසින් කරන ලද අති විශාල වරදක් බවය. තවද ඔහු පැවසුවේය එම පුද්ගලීකරණය ක්‍රියාවලිය සඳහාවූ සාකච්ඡා සදහා ඔහු සම්බන්ධ වූ බවත් එවකට සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට එම බැංකු පෞද්ගලිකකරණය කිරීම අත්‍යාවශය කාරණයක් වූ බවයි. තවදුරටත් ආචාර්ය නිකලස් පැවසුවේ එවකට සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙය තවත් ආර්ථික යුද්ධයක් බවත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආසියාවේ තවත් සාර්ථක රටවල් බිහිවීමට අවශ්‍ය නොවන බව පැවසූ බවත්ය. ඔහු පවසන පරිදි ජපානය, කොරියාව, චීනය සිංගප්පූරුව ආදි සියලු රටවල මහා පරිමාණ ව්‍යාපාර සංවර්ධන බැංකු මගින් ලබාදෙන අතහිත මගින් වැඩිදියුණු වූ ව්‍යාපාරය.වැඩිදුරටත් ඔහු පැවසුවේ චීනයට ලෝක වෙළඳ සංවිධානයට එකතු වීමට අවශ්‍ය වූ විට බටහිර රටවල් විසින් පනවන ලද මූලිකම කොන්දේසිය වූයේ China Developement Bank පෞද්ගලීකරණය කිරීමයි. ඔහු පවසන ආකාරයට 90 දශකයේ දී ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකු පෞද්ගලිකරණය කිරීමේ කාර්යභාරයේ දී හුවමාරුවූ තොරතුරුවලට අනුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත්ම බියවූ වූ කාරණය නම් රජය මගින් පාලනය වන ව්‍යාපාර වලට අතහිත දෙන සංවර්ධන බැංකුවකි.

සංවර්ධන බැංකුවක් මගින් කලහැකි කාර්‍යභාරයන් 

නව ව්‍යවසාකයන්ට අතහිත දීම

පසුගිය වසරෙ නව නිපැයුම් ගනනාවක් සිදුකල රත්නපුර දිස්ත්‍රික්කයේ උසස් පෙල හදාරන ශිෂ්‍යාවක් ගැන වාර්තා විය.ඇය විසින් පොලිතින් lunch sheets වෙනුවට භාවිතා කලහැකි ආවරණයක් හදුන්වාදී තිබිණි.ඊට පසු ඇය ගැන කතාබහක් නොමැත.බොහෝ බැංකු මෙම නව නිපැවුම්කරුවන්ට අතහිත දීමට මැලිවෙයි.එම නවනිපැයුම්කරුවන් අවදානම අධික කොටසට වැටෙයි.අපහට සංවර්ධන බැංකුවක් පවතීනම් ලාභය මත පමණක් නොවී මෙවැනි නව නිපැවුම්කරුවන්ට අතහිත දීමට පුලුවන.

කුඩා හා මධ පරිමාණ ව්‍යාපාර සඳහා අතහිත දීම 

ශ්‍රී ලංකාවේ ආර්ථික දත්ත වලට අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ මෙම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරය.මෙම ව්‍යාපාර සමස්ත වැඩකරන ජනතාවගේන් 45% කට රැකියා සපයන අතර හට ආර්ථිකයයෙන් 52% දායකත්වය සපයයි. රජයේ වාර්තාවන්ම පවසන ආකාරයට මෙම ව්‍යාපාර වැඩි දියුණු කිරීම, ශක්තිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම හා සහාය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි. සංවර්ධන බැංකුවක් මගින් මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැඩි දියුණු කර ගෝලීයකරණය වූ ආර්ථික රාමුව තුළ ඔවුන් ශක්ති සම්පන්න ව්‍යාපාර බවට පත් කළ හැක

මහා පරිමාණ ව්‍යාපාර සදහා අතහිත දීම 

කාම්බෝජයේ විශාලතම Micro Finance සමාගමේ හිමිකාරිත්වය ඇත්තේ ශ්‍රී ලංකාවේ LOLC සමාගමටය.අපගේ ඉදිකිරීම් සමාගම් අප්‍රිකාවේ ව්‍යාපාර කටයුතු කරයි.MAS සමාගම රටවල් 13 ක පමණ ව්‍යාපාර කටයුතු කරයි.මෙවැනි සමාගම් ඔවුන්ගේ අන්තර්ජාතික ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට ජාත්‍යන්තර වෙලදපොලෙන් ණය ගැනීම සිදුකරයි.අපහට සංවර්ධන බැංකුවක් පවතීනම් මෙම මහා පරිමාණ ව්‍යාපාර වලට ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සහ ණය සහනදායි පොලී අනුපාත යටතේ ලබාදිය හැකි වනු ඇත.

නව තාක්ෂණය සහ පුහුණුව ලබාදීම 

ලොව දිනෙන් දින දියුණු වන තාක්ෂණය දේශීය ව්‍යාපාරකයින්ට මහගු අවස්තා උදාකරයි.මෙය E- Bay, Amazon හරහා භාණ්ඩ විකිණීම මෙන්ම Alibaba හරහා භාණ්ඩ ගෙන්වා විකිණීමද අදාල වේ.සංවර්ධන බැංකුවක් ණය දීමට පමණක් පදනම් නොවී ව්‍යාපාර වලට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම, උපදෙස් , පුහුණු කිරීම් ආදිය සදහාත් කැපවී සිටිය යුතුය.


ශ්‍රී ලංකා රජය මගින් 100% හිමිකාරිත්වය දරන සංවර්ධන බැංකුවක් මගින් ලාභය හෝ කොටස් මිල ගැන නොසිතා ශ්‍රී ලංකා ආර්ථිකයට අතහිත දෙන සැබෑම සංවර්ධන බැංකුවක් බවට පත් විය හැක.


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy