ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය



Chamikara Sapuge 

2019 වසරේ ලොව Innovative index හි රටවල් 129ක් අතරින් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 89 ස්ථානයයි.Innovations එසේ නැත්නම් නව්‍යකරණය රටේ ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරන ආකාරයට දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවේ ආර්ථික වර්ධනයෙන් 3/4 හේතුවක් ලෙස නව්‍යකරණය හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවේ ද නවනිපයුම් කරුවන් සඳහා වූ කොමිසමක් ද පවතී. එය අයත් වන්නේ විද්‍ය තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයට ය.

කුඩා රටවල නවිකරණ රහස

සිංගප්පූරුව ලොව innovative index එකෙහි අංක 8 වශයෙන් සඳහන් වෙයි නමුත් සිංගප්පූරුවේ ජනගහනය මිලියන 5.6 ක් පමණි එමෙන්ම මිලියන 7.5 පහක ජනගහනයක් සිටින හොංකොං අංක 13 ස්ථානයේ වැජඹෙයි. තවද ලක්ෂ 6ක් පමණ ජනගහනයක් සිටින ලක්සම්බර්ග් අංක18 ස්ථානයේ සිටී.


සිංගප්පූරුව 

2016 වසරේදී සිංගප්පූරු රජය විසින් $ 14 bn පර්යේෂණ( innovation activities) සදහා වියදම් කරන ලදී. ඔවුන් විසින් ඔවුන් ආයෝජනය කළ ක්ශේත්‍ර හතරක් නම් කරන ලදී. ඒවා නම් ඉංජිනේරු ක්‍රියාදාමයන්(Advanced Manufacturing and Engineering), සෞඛ්‍ය හා ජෛව වෛද්‍ය විද්‍යාව(Health and Biomedical Science ), නාගරික විසදුම් සහ තිරසාර බව ( Urban Solutions and Sustainability ) සහ සේවා සහ ඩිජිටල් අර්ථික ( Service and Digital Economy ) ලෙසයි.

එමෙන්ම මෑත කාලයේදී ද සිංගප්පූරු විසින් Fintech තාක්ෂණය සඳහාද විශාල ලෙස ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය නීති සැකසීම ද සිදු කරනු දක්නට ලැබේ.


හොංකොං 

2017 වසරේ සිට හොංකොං රජය විසින් $13 Bn අධික මුදලක් නව්‍යකරණ සහ තාක්ෂණය සඳහා වෙන්කර ඇත.Hong Kong රජය විසින්ද ඔවුන් මුදල් වෙන් කළ යුතු සහ ආයෝජනය කළ යුතු ක්ශේත්‍ර අටක් පමණ හඳුනාගෙන ඇත. එයින් කිහිපයක් ලෙස පර්යේෂණ සදහා මුදල් වෙන් කිරීම, තාක්ෂණය කුසලතා ආයෝජන අරමුදල් සැපයීම, තාක්ෂණික පර්යේෂණ යටිතල පහසුකම් සැපයීම, නීති සමාලෝචනය සහ නව නීති ගෙන ඒම රජයෙ දත්ත විවෘත කිරීම සහ අධ්‍යාපන ප්‍රවර්ධනය යනාදියයි.


දකුණු කොරියාව 

දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව වැඩිම පේටන්ට් බලපත්‍ර ගණනක් ලබාගන්නා රට ලෙස දකුණු කොරියාව හැඳින්විය හැක. එහි රහස නම් දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වැඩිම ප්‍රමාණයක් මුදල් Research & Development සඳහා වියදම් කරන රට වන්නේ දකුණු කොරියාව වීමය. ප්‍රතිශතයක් ලෙස දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5%කි.



South Korea patent issues as a percentage of GDP- World Intellectual Property Organizations 


ශ්‍රී ලංකාව

වාර්තාවන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් පර්යේෂණ සඳහා ( R & D ) වියදම් කරන්නේ 0.14% පමණය. ඒ හේතුව නිසාම අප විසින් ලබාගන්නා පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවද ඉතාම සුළු සංඛ්‍යාවක් වේ. 2018 වසරේ අප විසින් ලබාගන්නා පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 64 පමණ විය.




Patent Issues - Sri Lanka Inventors Commission 

මේ සඳහා හේතු ගණනාවක් සඳහන් කළ හැක. එනම් නව නිපැයුම් සඳහා රජය විසින් නිසි ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම, ඒ සඳහා මුදල් අවශ්‍ය පමණට අයෝජනය නොකිරීම, ආයෝජකයින් සඳහා දිරිගැන්වීමක් නොලැබීම සහ නව නිපැවුම්කරුවන්ට නිසි වටිනාකමක් නොලැබීම ආදී කරුණු කාරණා බොහොමයක් දැක්විය හැක.

මෙම පහත ප්‍රස්ථාරය දක්වා ඇති ආකාරයට ලොව තාක්ෂණයෙන් දියුණු රටවල් බොහොමයක් තම දළ ජාතික නිෂ්පාදනයෙන් 2% වඩා වැඩි ප්‍රමාණයක් පර්යේෂණ සඳහා වෙන් කරන බව දැකගත හැකිය.

ශ්‍රී ලංකාව ද නව්‍යකරණයේ ඉදිරියට ඒමට නම් මෙම ආකාරයෙන් පර්යේෂණ සඳහා ආයෝජනය කරනු ලබන මුදල් ප්‍රමාණය විශාල ලෙස වැඩි කළ යුතුය. එම මුදල රජය විසින් හඳුනාගන්නා ලබන ක්ශේත්‍ර සඳහා වෙන් කළ හැක.




R & D spending as a percentage of GDP - UNESCO 

දිනෙන් දින දියුණුවන, වෙනස්වන ලෝකයේ ඉදිරියට ගමන් කිරීමට නම් මෙම නව්‍යකරණය සඳහා ශ්‍රී ලංකාව ද ප්‍රමුඛත්වයක් දැකිය යුතු කාලය එළඹ ඇත ඒ සඳහා වූ ප්‍රතිපත්ති මාලාවක් පහත විස්තර කර ඇත.


1 බුද්ධිමය සහ දැනුම මත පදනම් වූ සමාජයක් ගොඩ නැගීම

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දැනුමින් සන්නද්ධ වූ තරුණ පරපුරක්, රටක් ගොඩනැගීම සඳහා මූලිකත්වය දෙන බව නිරතුරු පැවසූ කරුණක්. එමෙන්ම අධ්‍යාපනය සඳහාද විශාල මුදලක් ආයෝජනය කරන බව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන්.දැනුමෙන් සන්නද්ධ වන සමාජයක් තුළ ශ්‍රී ලංකාවටද නව්‍යකරණයේ හිනි පෙත්තටම නැඟීමට හැකිවනු ඇත.

මෙම දැනුමෙන් සන්නද්ධ වූ රටක් වෙනුවෙන් ආයෝජනය කළ රටක් ලෙස ආජන්ටිනාව හැදින්විය හැක. 1996 සිට 2015 වන විට ආජන්ටිනාවේ knowledge based services අපනයනය ඩොලර් මිලියන 151 ක සිට ඩොලර් බිලියන 6.5 දක්වා වැඩි වී ඇත.

Source: National Innovation Policies -2019

2 නවෝත්පාදනයට සහය වීම සඳහා නව බදු ප්‍රතිපත්ති

මෙම බදු ප්‍රතිපත්ති යටතේ යම්කිසි සමාගමක් හෝ නව නිපැයුම්කරුවෙක් ඔවුන්ගේ නව නිපැයුම් මගින් ලබන ආදායම බදු වලින් නිදහස් කිරීම හෝ අඩු බද්දක් අය කිරීම කළ හැකිය.

එමෙන්ම සමාගමේ ආදායමෙන් ඔවුන් නව නිපැයුම් සඳහා කරන පර්යේෂණ වෙනුවෙන් වියදම් කරන මුදල සදහාද අඩු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දිය හැක.


2 නව නිපැයුම්කරුවන් සඳහා අත හිත දෙන බැංකුවක් හෝ ණය ව්‍යාපෘතියක් 

නව නිපයුම් කරුවන් හට අත හිත දීමට බොහෝ මූල්‍ය සමාගම් සහ බැංකු මැලිකමක් දක්වයි.ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් යම්කිසි මූල්‍ය දායකත්වයක් ලබාදුන් එය ප්‍රමාණවත් නොවේ.එමෙන්ම මෙම නව නිපැයුම් කරුවන් හට ණය මුදලක් පමණක් ලබා නොවී අවශ්‍ය කරන නව තාක්ෂණය, මූල්‍ය දැනුම සහ කළමනාකරණ දැනුම ලබාදීමටද කටයුතු සකස් කළ යුතුය.

එමෙන්ම එම ව්‍යාපාර යම්කිසි මට්ටමට එන තෙක් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් , උපදෙස් ලබාදීමද කල යුතුය.මේ සදහා පුද්ගලික අංශයේ උදව් ලබාගැනීමද කල යුතුය.


3 නව නිපැයුම් සඳහා පුද්ගලික අංශය දිරිමත් කිරීම.

මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ John Keels සමාගම John Keels X ලෙස ඔවුන්ගේ සමාගමට අවශ්‍ය නව නිපැයුම් සහ තාක්ෂණය සඳහා තරඟාවලියක් සෑම අවුරුද්දකම පවත්වයි. මෙවැනි ආකාරයේ තරගාවලි සඳහා රජය පුද්ගලික අංශයේ විශාල සමාගම් දිරිමත් කළ යුතුය.එවැනි දිරිමත් කිරීම් ලෙස තරග සඳහා ඉදිරිපත් වෙන නව නිපැයුම් කරුවන් හට මෙන්ම සමාගම් සඳහා ද බදු සහන සහ ආධාර දීම දීම යෝජනා කළ හැක.


4 විශ්වවිද්‍යාල සහ පාසල් සඳහා පර්යේෂණ අයවැය වැඩි කිරීම 

දැනටත් ‍ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඔවුන්ගේ පර්යේෂණ කටයුතු කරගෙන යෑමට යම්කිසි මුදලක් රජය විසින් වෙන් කරනු ලබයි. නමුත් මුදල් වෙන් කිරීම විශාල ලෙස ඉහල ඉහල යැවීමට රජය කටයුතු කළ යුතුය. එමෙන්ම විශ්ව විද්‍යාල අතර තරගකාරිත්වයක් ඇති කර වැඩිම පේටන්ට් බලපත්‍ර ලබාගන්නා විශ්වවිද්‍යාලයට මූල්‍ය උපකාර කිරීමද හඳුන්වා දිය හැකිය.

මෙම ක්‍රමයම පාසල් සඳහා ද සිදුකළ හැකි අතර එමගින් පාසල් සමයේ සිටම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව නිපැයුම් සඳහා උනන්දු කළ හැකි වනු ඇත.


World Intellectual Property Organizations


5 රට පුරා තාක්ෂණ උද්‍යාන බිහිකිරීම 

මරදානේ පිහිටා ඇති Trace City වැනි තාක්ෂණික උද්‍යාන දිවයින වටාම පිහිට විය යුතුය. නව නිපැයුම්කරුවකුට හෝ ව්‍යවසාකයන්ට මෙම තාක්ෂණ උද්‍යානය වෙත පැමිණ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමේ ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුය.

උදාහරණයක් ලෙස එහි කුලී වියදම් හා ලයිට් බිල් වතුර බිල් යනාදිය රජය විසින් දැරිය හැකි අතර නිපැයුම්කරුවන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කිරීම කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කළ හැකි වනු ඇත.එමෙන්ම ව්‍යාපාරයේ මුල් කාලයේ කරගෙන යෑමට අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම් අඩු කරගැනීමට එය උපකාරී වනු ඇත.


5 නව නිපැයුම් කරුවන්ට රූපවාහිනී තරග මාර්ගයෙන් ප්‍රචාරයක් ලබාදීම.

නව නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා රූපවාහිනිය මාර්ගයෙන් රියැලිටි ෂෝ ආකාරයේ රූපවාහිනී මලාවක් නිකුත් කිරීම. මෙම ආකාරයේ රූපවාහිනී කතා මාලාවක් ITN ආයතනය මගෙන් "ඇත් පවුර" ලෙස කරගෙන යන ලදී. මෙවැනි ආකාරයේ කතාමාලාවන් තවත් බිහිවිය යුතුය.


6 ශ්‍රී ලංකාවේ පාසල් තුල විද්‍යාව, තාක්ෂණය , ඉංජිනේරු සහ ගණිතය (STEM) සදහා ප්‍රමුඛස්ථානයක් ලබාදීම.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ විද්‍යාව, තාක්ෂණය ,ඉංජිනේරු සහ ගණිතය සඳහා ප්‍රමුකත්වය ලබා දීම. ශ්‍රී ලංකාවේ විද්‍යා විෂයන් උසස් පෙළ සඳහා උගන්වන පාසල් ප්‍රමාණය සමස්ත පාසල් ප්‍රමාණයෙන් සියයට දහයක් පමණි.

පවතින සංඛ්‍යාලේඛන වලට අනුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ ලබාදී ඇති ආචාර්ය උපාධි ගණන 102 පමණි.එයින් බහුතරයක් කලා අංශයෙන් ලබා දී ඇත. එම ආචාර්ය උපාධි ලබා ගැනීම විද්‍යාව,තාක්ෂණය, ඉංජිනේරු අංශවලින් ලබාදීමට ප්‍රමුඛත්වයක් දිය යුතුය. ඒ සඳහා එම ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන මූල්‍ය සහයෝගය ලබාදීම ද කළ යුතුය.

මෙම කර්තව්‍ය නව නිපැයුම් කොමිසමට තනිව කළ හැක්කක් නොවන අතර රාජ්‍ය අනුග්‍රහය ඒ සඳහා තිබිය යුතු ය.


7 ශ්‍රී ලංකාව පර්යේෂණ කටයුතු සඳහා ආයෝජනය කරන මුදල ඉහළ දැමීම 

දැනට පවතින වාර්තා අනුව ශ්‍රී ලංකාව පර්යේෂණ කටයුතු සදහා වියදම් කරන්නේ දළ ජාතික නිශ්පාදනයෙන් 0.14% පමණි. කෙසේ නමුත් අප නව්‍යකරණයේ ඉහළට යෑමට නම් මෙම පර්යේෂණ කටයුතු සඳහා ආයෝජනය කරන මුදල විශාල ලෙස ඉහළ යා යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරි අවුරුදු පහ තුළ අප මෙම පර්යේෂණ සඳහා ආයෝජනය කරන මුදල දළ ජාතික නිෂ්පාදනයෙන් 0.5% දක්වා හෝ වැඩි කළ යුතුය.










Comments

Popular posts from this blog

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy