Fintech තාක්ෂණය
Chamikara Sapuge

Fintech කියන්නේ මූල්‍ය ගනුදෙනු ,සේවාවන් සදහා නව තාක්ෂණය යොදා ගැනීම.මෙය මෘදුකාංග සේවාවන් වශයෙන්
හෝ වෙනයම් ආකාරයට ක්‍රියා කරන්න පුලුවන්.මුල් කාලයේදී මෙම Fintech නම බාවිතා උනේ පාරිභෝගික සහ මූල්‍ය
ආයතන වල back end වැඩ කටයුතු සදහා.නමුත් මේ වනවිට එය වැඩිදියුණු වී මූල්‍ය අංශයේ ඕනෑම තාක්ෂණික නව
නිපැයුමක් සදහා මෙම වචනය යොදාගන්නවා.එය බැංකුකරණයේ සිට,අධ්‍යාපන කටයුතු සහ Cryptocurrency යන
සියලු දේ සදහා අදාල වනවා.


Fintech තාක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට කැඩෙනවා.මේ ඒ අතරින් කිහිපයක් .


1  Blockchain


Blockchain තාක්ෂණය තමා cryptocurrency සදහා භාවිතා කරන තාක්ෂණය.හැම දෙනාම අහල ඇති Bitcoin ගැන
.Bitcoin තමා පලමුවෙන්ම පැමිණි cryptocurrency එක සහ දැනට වැඩිම වෙළෙඳ පොල වටිනාකමක් ඇති
cryptocurrency එක.


Cryptocurrency වලට අමතරව blockchain තාක්ෂණය යටතේ තව බොහෝ
දෙවල් කරන්න පුලුවන්.Samsung සමාගම ඔවුන්ගේ supply chain management එකට මෙම තාක්ෂණය
යොදාගන්න යනවා.නැව් සමාගමුත් මෙම තාක්ෂණය යොදා ගැනීම සමබන්දයෙන් සොයා බලමින් සිටිනවා.


2 ICO - Initial  Coin Offering


Startups වලට ඔවුන්ගේ කොටස් හිමිකම් අඩුකරගන්නෙ නැතුව මූල්‍ය ආයෝජන ලබාගත හැකි ක්‍රමයක් තමා ICO
කියන්නේ.මේකෙදි සිද්ද වෙන්නේ startups වලට එයාලගෙම කියලා cryptocurrency නිකුත් කරන එක.
රුසියානු messaging app එකක් වන Telegram විසින් $ 1.7 Bn රැස්කරා ICO මාර්ගයෙන් පසුගිය මාර්තු මාසයේදී
.එය තමා දැනට කර ඇති  විශාලතම ICO නිකුතුව.


3 Peer to  Peer Lending


මෙම ක්‍රමය මගින් අපට සාම්ප්‍රදායික මූල්‍ය ආයතන වන බැංකු සහ මූල්‍ය සමාගම් හරහා නොගොස් ණය ලබාගැනීමේ
හැකියාව ලැබෙනවා.මේ ක්‍රමය යටතේ ණයක් ගන්න බලාපොරොත්තු වන අයෙකුට ණය දෙන්න කැමති ඔනෙම
කෙනෙකුගේන් ණය ලබාගැනීමේ හැකියාවක් පවතිනවා එකගවූ පොලී අනුපාතයකට.සියලුම දේ සිදුවන්නේ online.


ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන Cash Wagon සහ Micro Money මෙම ආකාරයේ Online හරහා පමණක්  ණය
සේවාවන් ලබාදෙන ආයතන දෙකක් .

4 Underbank/ Unbank


අපේ රටේ දනට ක්‍රියාත්මක eZ Cash සහ m Cash මේ කොටසට තමා වැටෙන්නෙ.බැංකු සහ මූල්‍ය සමාගම්වලට
යාමට තරම් පහසුකම්, හැකියාවක් නැති අයට තමාගේ ජංගම දුරකථනය මගින් මුදල් ලබාගැනීම, යැවීම සහ ණය
ලබාගැනීම මේ මගින් සිදුවෙනවා . කෙන්යාවේ ක්‍රියාත්මක වන M Pesa මෙය හොදින්ම ක්‍රියාත්මක වන රට ලෙස
හදුන්වන්න පුලුවන්.


5 Mobile Payments / E Wallets


ඔබට Cheque Book එකක් හෝ Credit Card නොමැතිව මූල්‍ය ගනුදෙනු කල හැකි ආකාරය තමා මේ ක්‍රමය.මෙය
මුලින්ම පටන් ගත්තේ paypal ආයතනය.දැන් නම් මේ ආකාරයේ බොහෝ ආයතන දැක ගත හැකියි.Alipay සහ
 Adeyn , Stripe එයින් සමාගම් කිහිපයක්.


6 Insurtech


සියලුම රක්ෂණ කටයුතු online පමණක් සිදුකරන Fintech Startups මෙම කොටසට අයත් වනවා.සේවාවන් විකිණීමේ
සිට claims ලබාගැනීම ඇතුලු සියලු දේ සිදුවන්නේ online පමණයි.


පහත විස්තර කරල තියෙන්නේ දැනට ලෝකයේ මේ වගේ ක්‍රියාත්මක වන Fintech සමාගම් කිහිපයක් ගැන විස්තර.

1 Ant Financial





 e27.co


චීන e commerce යෝධයා වන Alibaba සමාගමට අනුබද්ධිත පුද්ගලික  ආයතනයක් තමා Ant Financial.සමාගම
විසින් සපයන සේවාවන් අතර Micro Financing , Mobile Payments ,Insurance Products ආදිය ඇතුළත් වෙනවා
.


දැනට ලොව විශාලතම මූල්‍ය වෙලදපොල වටිනාකම ඇති startup එක වශයෙන් සැලකෙන්නේ Ant Financial සමාගම
.තොරතුරු වාර්තා වන ආකාරයට නවතම funding round සමාගම සදහා $ 150 Bn තරම් වෙලදපොල වටිනාකමක්
හිමිවන බව  සදහන් වෙනවා.


2 ZhongAn












digitalinsuranceagenda.com


චීනය පදනම් කරගත් මෙම සමාගම අයත් වන්නේ Insurtech කාන්ඩයට.Hong Kong කොටස් වෙලදපොලෙහි
ලැයිස්තුගත සමාගමක් වන මේ මගින් online insurance ලබාගත හැකියි.property, health, credit ,cargo ඇතුලු
බොහෝ දේ සදහා ඔවුන් රක්ෂණ ආවරණ සපයනවා.මේ සියලුම දේ සිදුවන්නේ online හරහා පමණයි .


3 Stripe













stripe.com


San Francisco පදනම් කරගත් Stripe මගින් online මුදල් ගෙවීම්  සිදුකල හැකියි.ඇමරිකාවේ ඇති විශාලතම
වෙලදපොල වටිනාකමක් ඇති Fintech සමාගම වශයෙන් සැලකෙන්නේත් Stripe සමාගම.2017 වසරේ එහි
වටිනාකමක $ 9.2 Bn.බැංකු හරහා මෙන්ම credit card,debit card හරහාද මේ ගනුදෙනු කලහැකියි


4 Transferwise


underconsideration.com


London පදනම් කරගත් Transferwise ආරම්භ වන්නෙ 2011 අවුරුද්දේ.ලාබදායි ලෙස මුදල් පිටරට යැවීම මේ මගින්
කරගත හැකියි.Transferwise මගින් බැංකු සහ මූල්‍ය ආයතන මගින් කරන අයකරීම් වලින් තොරව  මෙම සේවාව
ලබාදෙනවා.

5 Robinhood









bitlisk.com


Palo Alto - California මූලස්ථානය කරගත් Robinhood ආරම්භ වන්නේ 2013.කිසිදු අයකිරීමකින් තොරව
ඇමරිකානු කොටස් වෙලදපොලෙහි ගනුදෙනු කරන්න පුලුවන් මෙය හරහා .2018 වසරේ ජනවාරි මාසයේ සිට මේ
හරහා Cryptocurrency ගනුදෙනු කරන්න පුලුවන්.එම සේවත් ඔවුන් ලබාදෙන්නේ කිසිම අයකිරීමකින් තොරව.
නවතම තොරතුරු අනුව Robinhood වෙලදපොල වටිනාකම $ 5.6 Bn.


පහත විස්තර කර තියෙන්නේ අපේ රටේ Fintech සමාගම් කිහිපයක් ගැන .


1 Payhere





payhere.lk


අපි කවුරුත් දන්න හෙළකුරු නිර්මාණය කල  ධනික පෙරේරා ගේ අලුත්ම startup එක තමා payhere.2016 වසරේ
සමාගමේ කටයුතු ආරම්භ උනත් යම් යම් regulatory approval ලබාගැනීමට තිබූ නිසා කටයුතු ප්‍රමාද කරන්න ඔවුන්ට
සිදුවුණා.නමුත් දැන් ඔවුන් වැඩ පටන්ගෙන .Payhere මගින් අපිට ලොකු අඩුපාඩුවකව තිබුණු “ online payments “
ප්‍රශ්නය විසදෙනවා.අපේ රටේ  e commerce සමාගම් වලට මේක හොද උත්ප්‍රේරකයක්.


Payhere බාවිතා කරන්න අපිට කරන්න තියෙන්නේ ඔවුන්ගේ link එක අදාල shopping cart එක සමඟ එකතු කිරීම
පමණයි.Credit card, debit card, mCash,  eZcash ,internet banking යනාදී ආකර වලින් ගෙවීම් කරන්න
පුලුවන් .


2 Payable


බැංකු වලට විශාල වියදම් කරගෙන Point Of Sale යන්ත්‍ර  බාවිතය වෙනුවට දැන් Payable විසින් එය සරල ,
පහසු වියදම් අඩු ක්‍රියාදාමයක් බවට පත්කරල තියෙනවා.


අපගේ Smartphone එක Point Of Sale device එකක් බවට පත්කර ගනුදෙනු කිරීම මේ මගින් සිදුවන්නේ.Payable
විසින් ලබාදෙන bluetooth card reader සහ app මගින් ඉතා පහසුවෙන් ගෙවීම් සිදුකල හැබැයි.


Payable බාවිතයේදී අපිට කරන්න තියෙන්නේ පියවර තුනයි.අගය ඇතුළත් කර, අදාල card පත ඇතුළත් කර අත්සන
ලබාගැනීම පමණයි.


ඉහත විස්තර කර ඇති සියලුම සමාගම් දෙස බැලූවිට පෙනෙන දෙයක් නම් ඔවුන් සියලු දෙනාම බැංකු , මූල්‍ය ආයතන
සහ රක්ෂණ සමාගම්  විසින් කරන කාර්යන් සදහා යොමුවී ඇති බව.ඔවුන් එම කාර්යන් සදහා යන වියදම් විශාල ලෙස
අඩුකර ඇති බව සහ ඒ සදහා සිටි අතරමැදියන් එම ක්‍රියදාමයෙන් ඉවත්කර ඇති බව.


මූලාශ්‍ර    www.bloomberg.com
           www.reuters.com
           www.ft.com
           www.payhere.lk
           www.payable.lk



uk blog reader


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy