ඇමරිකාවේ පිහිටි දුශ්කරම ගම්මානය -Supai


By Chamikara Sapuge

වාහන නොමැති , පාරවල් නොමැති , කොටළුවන් යෙදූ කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන ගමක් ඇමරිකාවේත් තියෙනවා.කිව්වොත් ඔබ විශ්වාස කරනවද.ඔව් එහෙම ගමක් ඇමරිකාවේත් තියෙනවා .ඒ තමා ඇරිසෝනා ප්‍රාන්තයේ Grand Canyon හි පිහිටා ඇති Supai ගම්මානය.Grand Canyon හි පිහිටා ඇති එකම මිනිසුන් ජීවත් වන ස්ථානය ලෙසත් Supai ගම්මානය හදුන්වන්න පුලුවන්. ගම්මානයට යන්න පුලුවන් එකම ක්‍රමය පයින් , කොටළුවන් හෝ හෙලිකොප්ටරයක් මගින් පමණයි.ඇලස්කාව සහ හවායි හැරුනුකොට එක්සත් ජනපදයේ ඇති ප්‍රාන්ත 48 හි ඇති දුශ්කරම ගම්මානය ලෙස සැලකෙන්නේ මෙය.

Supai ගම්මානයේ ජීවත් වන්නේ ස්වදේශීක ඇමරිකානුවන්.ඔවුන් අයත් වන්නේ Havasupai ස්වදේශීක ඇමරිකානු කන්ඩායම වෙත.මෙම “ Havasupai යන්න ස්වදේශීක ඇමරිකානු වචනයක් වන අතර එහි තේරුම ගතහොත් Ha යන්නෙන් වතුර ලෙසත් ,vasu යන්නෙන් නිල් සහ කොල ලෙසත් ,pai යන්නෙන් මිනිසුන් ලෙසත් දැක්වෙනවා. ලොව ස්වාභාවික පුදුම හතෙන් එකක් වන මෙම Grand Canyon හි ඔවුන් වසර 1000 පමණ පෙර සිට ජීවත් වනවා.ගම්මානය ප්‍රසිද්ධ එහි නිල් සහ කොල පැහැ ජලය ඇති ඉතා අලංකාර දියඇලි නිසා.


Supai ගම්මානයේ ඉතිහාසය.


යුරෝපීයයන් පැමිණීමට පෙර මෙම Havasupai ස්වදේශීක ඇමරිකානුවන්ට අක්කර මිලියන 1.6 පමණ ප්‍රදේශයක් අයත්ව තිබුණා.යුරෝපීයයන් පැමිනීමෙන් පසු මෙම ප්‍රදේශයේ තිබෙන සුන්දරත්වයට සහ ඛනිජ හේතුවෙන් මෙහි මුල් පදිංච්කරුවන් වන Hawasupai ජනතාවගෙන් එම ඉඩම් බලෙන් ලබාගන්නවා.කාලයත් සමඟ Supai ජනතාවට අයිති ඉඩම් ප්‍රමාණය අක්කර 518 දක්වා අඩුවනවා 1882 වනවිට.1908 සිට 1975 දක්වා ඇමරිකානු රජය සමඟ කරනු ලද දීර්ඝ සටනකින් පසු ඔවුන්ට 1975 දී එවකට ඇමරිකානු ජනාධිපති Gerald Ford විසින් ඔවුන්ට නැවත ඉඩම් වලින් කොටසක් ලබාදෙනවා.ඒ අක්කර 185,000 ක් සහ ඒ සමගම ඔවුන්ව ස්වාධීන tribe එකක් වශයෙන් සැලකීමටත් එකග වෙනවා.


කොටළුවන් මගින් කරන භාණ්ඩ ප්‍රවාහනය - Mule Train 


lorenelliottphoto.com

ගම්මානයට අවශ්‍ය කරන බෙහෙත් ,අහාර හා අනිකුත් දේවල් ප්‍රවාහනය කරනු ලැබෙන්නේ කොටළු දුම්රිය මගින්.මෙම කොටළුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය ආරම්භවූ කාලසීමාවක් ගැන සදහනක් නම් නෑ.එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුව සතියකට දින හයක් මෙම කොටළු දුම්රිය සේවාව ක්‍රියාත්මක කරනවා.

කොහොමද යන්නේ 


Flickr- Eric Rankin 

පා ගමනින් යනවානම් එය 13 km පමණ ගමනක්.එහෙම නැත්නම් මිනිත්තු කිහිපයක හෙලිකොප්ටර ගමනකින් වුනත් පුලුවන්.ඔබට Supai වෙත යාමට විශේෂ අවසරයක් Havasupai Tribal Council වෙතින් ලබාගැනීම කලයුතුයි.මෙම අවසරය සදහා එක් අයෙකුට එක රාත්‍රියක් සදහා $ 140 පමණ මුදලක් අයකරනු ලබනවා.අඩුම වශයෙන් එක් රැයකුත් වැඩිම වශයෙන් රැයවල් තුනකටත් බලපත්‍ර නිකුත් කිරිම කරනු ලබනවා.මෙම සියලුම බලපත් නිකුත් කිරීම ආරම්භ කල දින සිට කෙටි දවසකින්ම අවසන් වනවා.

ගමන් කිරීමට හොදම කාලය නම් මාර්තු සිට මැයි මාසය දක්වා වන වසන්ත සෘතු කාලසීමාව.ගිම්හාන කාලයේදී නම් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 සහ සමහරවිට අංශක 40 දක්වා වුවත් වැඩිවන බව සදහන්.ගිම්හාන කාලයේදී නම් උෂ්ණත්වය ගැන වගේම Flash Floods ගැනත් සැලකිලිමත් විය යුතුයි.2010 වසරේ ඇතිවූ මෙවැනි Flash Floods මගින් Supai වෙත යන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූවා.

නවාතැන් පහසුකම් 




නවාතැන් ගැනීමට Supai ගම්මානයේ Havasupai Lodge එක පවතින අතර අවශ්‍ය නම් camping උවත් කල හැකියි.lodge එකේ නවාතැන් පහසුකම් සදහා එක රැයකට හතර දෙනෙකු සදහා $ 145 පමණ අයකරන ලබනවා.එහෙමනැතිනම් දියඇල්ලක් අසබඩ කදවුරු ගසාගෙන නැවතීමටත් පුලුවන්.ඔබ Havasupai වෙත යනවානම් ඔබට නවාතැන්ගැනීමට ඇත්තේ මෙම ක්‍රම දෙක පමණයි.ස්වදේශිකයන් ඔවුන්ගේ නිවෙස් කුලියට දීමක් මෙම ප්‍රදේශයේ සිදුවන්නේ නෑ.වෙන කිසිදු හෝටලයක් හෝ නවාතැන් ගන්නා ස්ථානයක් මෙම ගම්මානයේ පිහිටා නැත.


නිල් සහ කොල පැහැ දියඇලි 


Supai වඩාත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ එම ප්‍රදේශයේ ඇති මනරම් දියඇලි සම්බන්ධව.මෙම දියඇලි සියල්ලම ඇරබෙන්නේ Colarado ගංගාවේ අතු ගංගාවක් වන Hawasu නදිය මගින් .මෙම දියඇලි වල විශේෂත්වය වන්නේ එහිජලයේ වර්ණය නිල් සහ කොලපාට වීමෙන්.Supai ප්‍රදේශයේ මෙම ආකාරයේ දියඇලි 5 පමණ දකින්න පුලුවන්.නමුත් මෙහි විශේෂම කාරණය වන්නේ මෙතරම් දියඇලි ප්‍රමාණයක් පිහිටා තිබුණත් එම දියඇලි වර්ශා ජලයෙන්පෝෂණය නොවන ඒවා වීමයි.මෙම canyon එකට වාර්ෂිකව ලැබෙන වර්ශාපතනය 220 mm කටත් වඩා අඩුප්‍රමාණයක්.මෙම දියඇලි පෝෂණය වනු ලබන්නේ පොලොව යට පිහිටා ඇති දිය උල්පත් මගින්.මෙම ජලය වසරදහස් ගනනක් පරණ බවත් පැවසෙනවා.මෙම ජලය තමා ඉතා අඩු වර්ශාපතනයක් යටතේ වුනත් Supai ජනතාවට වසරදහස් ගනනක් පුරාවට නොනැසී සිටීමට හේතුවන්නේ.

කොහොමද ජලයේ පැහැය නිල් සහ කොල වෙන්නේ 

විද්‍යඥයින් විසින් පවසන ආකාරයට දියඇලි වලට මෙම පැහැයන් ලැබෙන්නේ පොලොව යට පිහිටා මෙම ජලය මතුපිටට ගමන් කරන විට සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් මගින් බව.මෙම Hawasu නදිය ආශ්‍රිත ප්‍රදේශය හුනුගල් බහුලප්‍රදේශයක්.උල්පත් ජලය ගලාගෙන එනවිට හුනුගල් සමඟ මිශ්‍රවී එයට වාතය මුසුවූ විට රසායනික ප්‍රතික්‍රියාවක් හටගන්නා අතර එය හිරුඑළියෙන් පරාවර්තනය වනවිට ජලයට මෙම පැහැය ලබාදෙන බව.


New Navajo Falls


flickr-Peretz Partensky

Supai ගම්මානයේ සිට ගමන් ආරම්භ කර යනවිට මුලින්ම දකින්නට ලැබෙන්නේ මෙම දියඇල්ල.මෙම දියඇල්ල 2008වසරේ සිදුවූ නායයෑමකින් ඇතිවූ දියඇල්ලක්.


Fifty Foot Falls/ Rock Falls



Flickr -Rory Sheppard

මෙම දියඇල්ල Navajo දියඇල්ල ආසන්නයේම ඇති දියඇල්ලක්.


Havasu Falls


Flickr-Peretz Partensky

Havasupai හි වඩාත් ප්‍රසිද්ධ සහ අලංකාර දියඇල්ල ලෙස මෙය නම් කරන්න පුලුවන්.මෙය ආශ්‍රිතව කදවුරු තනාගෙන රාත්‍රිය ගතකරන්න පුලුවන්.


Mooney Falls 


Flickr- Todd Wiggins 

Havasu දියඇල්ලේ සිට කෙටිදුරක් යනවිට හමුවන දියඇල්ල . මෙම දියඇලි 5 න් උසින් වැඩිම දියඇල්ලත් මෙය.


Beaver Falls


Flickr -Scott Cunningham

ගම්මානයේ සිට වැඩිම දුරකින් පිහිටා ඇති දියඇල්ල තමා මෙය.





කවරයේ ජායාරූප Flickr -Vicki & Chuck Rogers 
මූලාශ්‍ර bbc.com/travel,amusingplanet.com,
Bearfoottheory.com








Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy