ලොව වේගවත්ම ගුවන් යානය- X 43 A
By Chamikara Sapuge





ගුවන්යානය සමග සිටින විද්‍යාඥයින් කන්ඩායම


ශබ්දයේ වේගය මෙන් දස ගුනයක වේගයෙන් යන ගුවන් යානයක්.පැයට කිලෝමීටර 11,000 වේගයෙන් ගමන් කරන යානයක්.ඒ තමයි X 43 A.

මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ නාසා එකෙන්.1986 දී.1994 මේක නවත්වනවා කොස්ට් එක වැඩියි කියලා.ආපහු 1996 පටන් ගන්නවා වැඩේ.යානා තුනක් හදන්න තමා ප්‍රොජෙක්ට් එක.



B 52 යානයට අමුනා x-43 ගුවන්ගත කර ඇති ආකාරය

පලමු යානා දෙක ශබ්දයේ වේගය මෙන් 7 ගුනයක් ( පැයට කි.මි.8600) තුන්වෙනි එක ශබ්දයේ වේගය මෙන් 10 ගුනයක් වෙන්නත් තමා ප්ලෑන් එක.

කෙලින්ම අන්තිම එකට එන්නම්.ගුවන් යානා කිව්වට මෙව ඇත්තටම පොඩියි.X43 A දිග 3.7 මීටර.බර 1300 Kg .මේකේ උනුසුමට ඔරොත්තු දෙන්න විශේශ ලෝහ ( Reinforced Carbon- Carbon )සහ ක්‍රමවේද යොදාගන්න උනා.වැඩිම උශ්නත්වය සෙල්සියස් 1900.මේවගේ පාවිච්චි කරන එන්ජින් වලට කියන්නේ Scramjet.( Supersonic Combustion Ramjet).

x-43 ගුවන්යානය

මේ යානා ගුවන් පතයක සිට ගුවන් ගත කරන්නේ නෑ.ඉස්සෙල්ලම B -52B Bomer යානයකින් අඩි 40,000 උඩට අරන් යනවා.එතනින් නිදහස් කරලා වැඩිදියුනු කරන ලද Pegasus Booster Rocket එකකින් යානය අඩි 111,000 උසකට සහ පැයට කිලෝමීටර 10,000 වේගයකට අරගෙන යනවා.එතනින් තමා යානය නිදහස් කරන්නේ.





ඔන්න දැන් X 43A වැඩ පටන් ගන්නවා.යානය 1000 කි.මි පමන ගමන් කරනවා පැසිෆික් සාගරයට කඩා වැටීමට පෙර.උපරිම වේගය ශබදයේ වේගය මෙන් 9.6 ගුනයක්.පැයට කිලෝ මීටර 11,000.2004 නොවැම්බර් 16 තමා මේක වෙන්නේ.



ජායාරූප NASA ආයතනය


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy