අඩු මුදලට ගන්න පුලුවන් Full Screen Display දුරකථනය - Lenovo Z5


By Chamikara Sapuge




ජූනි මාසේ 5 වෙනිදා Lenovo ආයතනයෙන් දුරකථනයක් හදුන්වා දෙනවා.දුරකථනය Lenovo Z5.


Display එක



මේක all screen display ( all screen කිව්වට වටේ පොඩ්ඩක් bezel එක තියෙනවා) දුරකථනයක්.තිරයේ ප්‍රමාණය අගල් 6.2.i phone x එකට වඩා ටිකක් විශාලයි.LCD තිරයක් තමා තියෙන්නේ.Resolution එක 1089 × 2246 pixel.Screen to Body ratio එක 90%.Full HD video සහයෝගය දක්වනවා.






Camera එක


Rear Camera එක 16 MP.මේකත් එක්කම තව 8 MP camera එකකුත් එනවා rear එකට.මේ camera දෙකම vertically stacked කරල තියෙන්නේ.f/2.0 aperture එකක් තමා rear camera එකේ තියෙන්නේ.4k සහ Full HD video support කරනවා. Selfie camera එක 8 MP.Front camera එකෙත් aperture එක f/2.0.Full HD video record කරන්න පුලුවන්.Lenovo සමාගම පවසන ආකාරයට camera සදහා වෙනම artificial intelligence පද්ධතියක් සතුයි.අලුතෙන්ම එන අපගේ ජංගම දුරකථන වල camera එක සදහා දැන් දැන් artificial intelligence දකින්න පුලුවන්.මේ අවුරුද්දේ නිකුත් උනු Huwei P20 Pro දුරකථනයේත් මෙම AI දකින්න පුලුවන් camera එකට.







Processor එක


Qualcomm සමාගමේ Snapdragon 636 processor එකකින් තමා දුරකථනය බලගැන්වෙන්නේ.මෙම snapdragon 636 processor එක qualcomm සමාගමෙන් හදුන්වා දීපු mid range processor එකක්.මෙම processor පද්ධතිය snapdragons 835 හෝ 845 ( Samsung Galaxy S 9 ඇති) තරම් බලසම්පන්න නොමැති වුනත් අපේ වැඩ ටික කරගන්න නම් හොදටම ඇති.Graphics Processing Unit එක adreno 509.


Memory එක






Phone එකේ RAM එක 6 GB.අභ්‍යන්තර මතක දෙකක් සහිතව මදිලි නිකුත් කරල තියෙනවා.ඒ 64 GB සහ 128 GB ලෙස.අභ්‍යන්තර මතකය වැඩිකර ගන්න අවශ්‍ය නම් 256 GB දක්වා memory card support කරනවා.

Operating System එක

මෙහෙයුම් පද්ධතිය නවතම android පද්ධතිය වන oreo.


Battery එක


Phone එකේ size එකටම හරියන විදියේ 3300mAH battery එකත් දාල තියෙනවා.Fast charging කරන්නත් පුලුවන්.Phone එක dual sim දුරකථනයක් ලෙස තමා නිකුත් කරල තියෙන්නේ.මේ විස්තර ටිකට අමතරව finger print , USB C පහසුකම් දකින්න පුලුවන්.


දුරකථනය වෙලදපොලට නිකුත් කිරීම ලබන සතියේ පටන් ගන්නවා.තාම ලංකාවේ නම් මිල ගනන් දාල නෑ.ඉන්දියාවේ සහ චීනයේ මිල ගනන් බලද්දී 64 GB phone එක රුපියල් 35,000 - 40,000 අතර වෙන්න ඕනේ.

ඉන්දියාවේ දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියලා තියන්න.ලබන සතියේ එන රාමසාන් උත්සවයට ඉන්දියාවේ පට්ට discount දෙනව amazon India එකේ සහ flipkart එකේ.තව ටිකක් ගාන අඩුවෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන්.











ජායාරූප gsmarena.com





bgr.in

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy