Mobile Gaming සදහාම එන දුරකථනය - Asus Rog



theverge.com

Mobile එකෙන් ගේම් ගහන අය වෙනුවෙන් ඔන්න Asus ආයතනයෙන් අලුත්ම Smartphone එකක් නිකුත් කරන්න යනවා.Phone එක Asus Rog.මෙහි Rog ලෙස හැදින්වෙන්නේ Republic Of Gamers.දුරකථනය හදුන්වා දුන්නත් වෙලදපොල වෙත බෙදාහැරීම ලබන කාර්තුවේ සිදුවන බව තමා සදහන් වන්නේ.

දැනට වෙලදපොලෙහි පවතින වේගවත්ම processor එකවන snapdragon 845 සහ adreno 630 graphics processor unit එකකින් මෙය සමන්විතයි.Gaming සදහාම මෙහි විශේෂිත 3D vapor chamber cooling පද්ධතියකින් දුරකථනය සමන්විතයි.මීට අමතරව circuit board එකෙහි විශේෂිත carbon cooling pads සහිතයි.මෙම Asus Rog සමඟ වෙනත් smartphone සමග දකින්නට නොලැබෙන විශෙෂිත ආම්පන්න ටිකක් ලැබෙනවා.පහත විස්තර කර ඇත්තේ එම ආම්පන්න පිලිබඳව.

Heatsink 


theverge.com

දුරකථනයේ පිටුපස මෙය සවිකරන්න පුලුවන්.මෙම Heatsink එකෙහි ඇති fan එක මගින් දුරකථනය රත්වීම අඩුකරනු ලබනවා.ඔබ ජංගම දුරකථනය මගින් ක්‍රීඩා කරනවානම් ඔබ දන්නවා එම ක්‍රීඩා කරද්දී දුරකථනය කොතරම් රත්වීමකට ලක්වනවාද යන බව.මෙම Heatsink එකටම ආදා USB C Type Port එකක් සහ Headphone Jack එකක් තිබෙනවා දුරකථනය landscape ආකාරයට තබා ක්‍රීඩා කරන අතරතුරම බාදාවකින් තොරව දුරකථනය charge කිරීම මෙම මගින් කලහැකියි.

Gamepad


theverge.com

මෙම gamepad එක මගින් අපට Asus Rog දුරකථනය wi- fi එක හරහා රූපවාහිනීය වෙත සම්බන්ධ කලහැකියි.

Dock


theverge.com


මෙම dock එක හරහා ROG දුරකථනය ඕනෑම monitor එකකට සම්බන්ධ කලහැකියි.ඒ මගින් දුරකථනය keyboard එකට සහ mouse එකට සම්බන්ධව කලහැකියි.


Twin View Dock


theverge.com

මෙම Shell Device එක screen එක සහ අනෙකුත් trigger වලින් සමන්විතයි.දුරකථනය තිර දෙකක් සහිතව ක්‍රියා කලහැකියි මේමගින්.


Display එක


AMOLED අගල් 6 ක තිරයකින් දුරකථනය සමන්විතයි.screen to body ratio එක 76.8 %.මෙය 1080 * 2160 resolution එකකින් එනම් full HD display එකක්.මීට අමතරව විශේෂ දෙයක් ලෙස 90 Hz fefresh rate එක දක්වන්න පුලුවන්.මෙම fefresh rate එකෙන් කියවෙන්නේ phone එකේ response වෙලාව.90 Hz යටතේ එය මිලි තප්පර 1 වනවා.

Platform එක

අලුත්ම android මෙහෙයුම් පද්ධතිය වන oreo 8.1 මගින් දුරකථනය සමන්විතය.එමෙන්ම qualcomm සමාගමේ නවතම processor එක වන snapdragon 845 සහ adreno 630 graphics processor unit එකකින් මෙය සමාන්විතයි.

Memory එක.

Memory card වලට නම් දුරකථනය සහයෝගය දක්වන්නේ නෑ.අභ්‍යන්තර මතක ධාරිතාව ගිගාබයිට් 128 සහ 512 ලෙස මාදිලි දෙකකින් ලබාගන්න පුලුවන්.දුරකථනයේ RAM එක ගිගාබයිට් 8 ධාරිතාවක් තිබෙනවා.

Camera එක

මෙහි rear camera එක camera යුගලයකින් සමන්විතයි.ඒ මෙගාපික්සල් 8 සහ 12 camera වශයෙන්.Front Camera එක එහෙම නැත්නම් selfie කැමරා එක 8 MP.

Battery එක

ඉවත් කල නොහැකි 4000 mAH බැටරියකින් සමන්විතයි.

මිල ගනන් 

විශේෂම කාරණය.දුරකථනයෙහි දෘඩාංග සහ ඒ සමඟ ලබාදෙන ආම්පන්න එක්ක බලද්දී ගානත් පොඩ්ඩක් සැරයි.නමුත් දුරකථනය සම්බන්ධව නිශ්චිත මිල ගනන් තාම ඉදිරිපත් කර නැහැ.



කවරයේ ජායාරූප -theverge.com

මූලාශ්‍ර gsmarena.com
rog.asus.com
theverge.com


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy