සාමාන්‍ය රූපවාහිනීය Smart කරගන්නෙ කොහොමද


By Chamikara Sapuge

පරිගණක ,ස්මාර්ට් ජංගම දුරකථන මෙන්ම දැන් රූපවාහිනී හරහාත් අන්තර්ජාලයේ සැරිසරන්න, වීඩියෝ දසුන් නරබන්න පුලුවන්.නමුත් රූපවාහිනීය හරහා මෙවැනි වීඩියෝ දසුන් නරබන්න නම් එය ස්මාර්ට් රූපවාහිනියක් විය යුතුයි.ප්‍රශ්නයකට තියෙන්නේ මෙම ස්මාර්ට් රූපවාහිනී තරමක් මිලෙන් අධික වීමයි.නමුත් දැන් ස්මාර්ට් රූපවාහිනී නැති වුනාට අන්තර්ජාලය තුලින් වීඩියෝ නොරබා ඉන්න අවශ්‍ය වෙන්නේ නෑ.Streaming උපකරණ මාර්ගයෙන් රූපවාහිනීය ස්මාර්ට් කරගෙන අන්තර්ජාලයේ ඇති ඕනෑම වීඩියෝවක් නරබන්න පුලුවන්.Netflix ,Hulu වැනි Streaming සේවා වාගේම youtube ඇතුලු තවත් දහස් ගනනක රූපවාහිනී නාලිකා මේ මගින් නරබන්න පුලුවන්.එපමණක් නොවෙයි අපගේ ස්මාර්ට් ජංගම දුරකථනය රූපවාහිනීයට සම්බන්ධ කර එහි ඇති පින්තූර, වීඩියෝ හෝ දුරකථනය ක්‍රීඩා කිරීමට උවත් පුලුවන්.මෙම streaming උපකරණ සියල්ලම පාහේ HDR 10 හෝ 4K ගුනාත්මක බවින් යුතු වීඩියෝ සදහා අනුරූපී ලෙස නිපදවා ඇති නිසා සුපැහැදිලි වීඩියෝ දසුන් නැරඹීමේ හැකියාව සතුයි.නමුත් මෙම සුපැහැදිලි වීඩියෝ දසුන් නැරබීමට නම් ඒ සදහා අනුරූපී රූපවාහිනියක් අවශ්‍ය වනවා..අපේ රටේ නම් 4K රූපවාහිනීයක මිලත් බොහොම අධිකයි. මෙම Streaming උපකරණ සියල්ලම සවිකිරීමට අවශ්‍ය වන්නේ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාවක් සහ රූපවාහිනීයට HDMI Port එක සම්බන්ධ කිරීමේ හැකියාව තිබීම පමණයි .දැනට අපේ රටේ දකින්නට ඇති සියලුම LED රූපවාහිනී මාදිලි මෙම HDMI Port එක සමඟ පැමිනෙන රූපවාහිනී.

දැනට වෙලදපොලෙහි මෙවැනි streaming උපකරණ ගනනාවක් ඇති අතර පහත විස්තර කර ඇත්තේ එයින් කිහිපයක් ගැන.


Alexa සමඟ එන Amazon Fire TV
මිල $ 39.99




pcmag.com


මෙම Amazon Fire Tv කට්ටලය Fire මෙහෙයුම් පද්ධතිය හරහා දියුණු කල TV කට්ටලයක්.මෙය වැඩි වශයෙන්ම Amazon Prime Media මූලික කරගත් පද්ධතියක්.පසුගිය අවුරුද්දේ සම්මාන පිට සම්මාන ලැබූ Handmade Tale කතා මාලාව මෙම Amazon Prime video නිශ්පාදනයක්.Amazon Instant Video සහ Amazon Prime Music පද්ධතිවලට ප්‍රමුඛස්ථානයක් Fire TV කට්ටලය තුල දැකගත හැකියි.මීට අමතරව අන්තර්ජාලය හරහා නැරබිය හැකි Hulu,Netflix සහ Youtube යනාදියත් මෙය තුලින් නැරබිය හැකියි.මීට අමතරව Amazon විසින් නිපදවා ඇති Eco Speaker එක සමග සහ එයට අනුබද්ධිත Alexa කෘතීම සහකාරිය සමගත් Fire Tv කට්ටලය සම්බන්ධ කර තියෙනවා.මේ මගින් අපට TV කට්ටලයට කටහඩ හරහා විධාන නිකුත් කල හැකියි.2018 වසරේදී නිකුත් කල Fire Tv කට්ටලය HDR 10 Video ක්‍රියාත්මක කලහැකියි.මීට අමතරව ගිගාබයිට් 6 මතක ධාරිතාවක් ,ජංගම දුරකථන හෝ Tablet දුරස්ථ පාලකයක් ලෙස යොදගෙන ක්‍රියාත්මක කල හැකියි.


Smart ජංගම දුරකථන සදහා වඩාත් සුදුසු Chromecast
මිල $35- $ 69





pcmag.com


මෙය සාමාන්‍ය chromecast සහ chromecast ultra ලෙස වර්ග දෙකකින් යුක්තයි.සාමාන්‍ය chromecast මිල $ 35 වන අතර Full HD සදහා ක්‍රියාත්මක වනවා.Chromecast Ultra මිල $ 69 වන අතර 4K සහ HDR අනුරූපී වීඩියෝ සදහා නිපදවා තිබෙනවා.Chromecast ක්‍රියාත්මක කිරීම සදහා කිසිදු දුරස්ථ පාලකයන් අවශ්‍ය වන්නේ නැහැ.මෙය සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනය හෝ Tablet පරිගණක මගින් පමණක් ක්‍රියාත්මක කල හැකියි .මෙම කට්ටල දෙකෙහිම අභ්‍යන්තර මතක ධාරිතාවන් රහිතව නිකුත් වන මාදිලි.මෙහි සදහන් කර ඇති කට්ට්ල අතරින් අන්තර්ජාලයේ සෙවීම් කලහැකි එකම කට්ටලයත් මෙම chromecast කට්ටල පමණයි.මීට අමතරව මෙහි ඇති තවත් විශේෂ පහසුකමක් ලෙස අපගේ ජංගම දුරකථනය රූපවාහිනීය වෙත ප්‍රක්ශේපනය කල හැකි වීම දක්වන්න පුලුවන්.මෙම cast option එක සදහා android මෙහෙයුම් පද්ධතිය jelly Bean හෝ ඊට පසු ආ මෙහෙයුම් පද්ධතියක් විය යුතුයි.


වැඩිම නාලිකා ගනනක් ගෙනදෙන Roku
මිල $ 30-$ 90



pcmag.com



රූපවාහිනී නාලිකා වැඩිම ප්‍රමාණයක සහ විශාලතම වෙලදපොල කොටස හිමි සේවාව ලෙස Roku නම් කරන්න පුලුවන්.Amazon Video ,Netflix ,Hulu, වාගේම BBC ,SKY සහ VEVO වැනි සංගීතමය නාලිකා මෙය හරහා නැරබිය හැකියි.Roku මගින් ලබාදෙන රූපවාහිනී නාලිකා ප්‍රමාණය 3000 කට අධිකයි. මේ වනවිට Roku විසින් මාදිලි ගනනාවක් වෙලදපොල වෙත නිකුත් කර තිබෙනවා.මෙහි නවතම මාදිලි ලෙස Roku express සහ Roku Streaming Stick හදුන්වන්න පුලුවන්.මෙම මාදිලි දෙකම අභ්‍යන්තර මතක ධාරිතාවන් රහිතව නිකුත් වන මාදිලි.මින් Roku express Full HD වීඩියෝ ගුනාත්මක සදහා අනුරූපී වන අතර Roku streaming stick full HD, HDR සහ 4 k වීඩියෝ සදහා අනුරූපී ලෙස ක්‍රියාකරනවා.$ 30 පමණ මිලක සිට $ 89 දක්වා මිල ගනන්වලට වෙලපොලවෙත නිකුත් කර තිබෙනවා.Roku සම්පූර්ණයෙන්ම ජංගම දුරකථනය හෝ Tablet පරිගණක දුරස්ථ පාලකයක් ලෙස යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකියි.Roku ක්‍රියාත්මක කිරීමට ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මෘදුකාංග දෙකම හරහා ක්‍රියාත්මක වන Roku ඇප් එක භාගත කර ගත යුතුයි.වීඩියෝ සෙවීම ,කටහඩ මගින් විධාන දීම මෙන්ම ජංගම දුරකථනය රූපවාහිනීය වෙත ප්‍රක්ශේපනත් Roku හරහා සිදුකල හැකියි.


Apple සමාගමෙන් ගෙන එන Apple TV
මිල $ 179





apple.com

Apple සමාගමෙන් ඉදිරිපත් කර ඇති මෙම කට්ටලය i phone හෝ apple tablet හරහා ක්‍රියාත්මක කලහැකියි.මිල පොඩ්ඩක් වැඩි උනත් Apple භාණ්ඩ තුල දැකිය හැකි කලාත්මක නිමාව සහ ගුනාත්මක බව මෙම TV කට්ටලය තුල දැකිය හැකියි.අභ්‍යන්තර මතක ධාරිතාව ගිගාබයිට් 32ක්.Apple Siri හරහා කඩහඩ මගින් විධාන ලබාදීමත් කල හැකියි. Apple TV හරහාත් Netflix, Amazon Prime වාගේම NBA වැනි ක්‍රීඩා සහ ප්‍රවෘත්ති නාලිකා නැරබිය හැකියි.මෙය 4k ගුණාත්වයෙන් යුතු වීඩියෝ නැරබිය හැකි ලෙස නිපදවා ඇත.නමුත් Roku සමඟ සැසදූ විට Apple Tv මගින් නැරබිය හැකි නාලිකා ප්‍රමාණය නම් අඩුයි.


පරිගණක ක්‍රීඩා කරන අය සදහා Nvidia Shield
මිල $ 199


pcmag.com

පරිගණක ක්‍රීඩා කරන අය සදහාම නිපයූවක් ලෙස Nvidia Shield කට්ටලය හදුන්වන්න පුලුවන්.අනෙකුත් සියලුම Tv කට්ටල වලට,වඩා වේගවත් කට්ටලය ලෙසත් මෙය හදුන්වන්න පුලුවන්.මෙහි අභ්‍යන්තර මතක ධාරිතාව ගිගාබයිට් 16 ක්.මෙයත් 4 K ගුනාත්මක වීඩියෝ සහ කටහඬ මගින් විධාන නිකුත් කිරීමෙ හැකියාව සතුයි.මෙහි විශෙශ්ෂත්වය ලෙස Nvidia cloud සේවාව වන GeForce හරහා පරිගණක ක්‍රීඩා කිරීමේ හැකියාව දක්වන්න පුලුවන්.




කවරයේ ජායාරූප -youtube.com

මූලාශ්‍ර - pcmag.com

lifewire.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy