ලොව බලගතුම මිසයිල ආරක්ෂණ පද්ධතිය -THAAD






Terminal High Altitude Area Defense නැත්නම් THAAD ලෙස හදුන්වන්නේ ඇමරිකාව විසින් නිපදවන ලද කෙටි , මධ්‍යම හා දිගුදුර දුර මිසයිල ආරක්ෂක පද්ධතියක්.THAAD හට පුලුවන් 200 km වපසරියක සහ 150 km උසක සිට පැමිනෙන මිසයිල අතර මගදී විනාශකිරීමට.


THAAD මිසයිල පද්ධතියේ ඉතිහාසය 

THAAD ගැන මුලින්ම කතා බහ ඇතිවන්නේ 1987 තරම් ඈත කාලයේදී.1992 වර්ශයේදී Lokheed Martin සහ Raytheon යන සමාගම් වලට THAAD නිපදවීම සදහා $ 689 Mn කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා.මින් ප්‍රධනම කොන්ත්‍රාත්කරුවා Lokheed Martin සමාගම.Raytheon සමාගම රේඩාර් සහ Traveling Wave Tube නිපදවීම සදහාත් , Datatape සමාගම දත්ත ගබඩාකිරීම සදහාත් ,EBCO සමාගම රේඩාර් කොත නිශ්පාදනයටත් යොදාගන්නවා.


THAAD ව්‍යාපෘතිය 2000 වසරේදී ඉන්ජිනේරු සහ නිපදවීම් කොටසට පැමිනෙනවා.2004 වසරේ මැයි මාසයේදී පරීක්ෂණ මිසයිල 16 ක නිශ්පාදන කටයුතු ආරම්භ වනවා.මිසයිල වල පරීක්ෂා කිරීම් කටයුතු 2005 වසරේදී ආරම්භ වනවා New Mexico පිගිටි white sands මිසයිල පරීක්ෂා කරන වැඩබිමේදී.අංග සම්පූර්ණ මිසයිල පද්ධතියේ පරීක්ෂණ කටයුතු 2006 වසරේදී ආරම්භ වනවා.2007ඔක්තෝම්බර් මාසයේදී කරන ලද පරීක්ෂණයකදී THAAD අපගේ වායුගෝලයෙන් පිටත සිට පැමිනෙන මිසයිලයක් සාර්ථකතකව විනාශ කරදමනවා.




white sands පිහිටා ඇති මිසයිල පරීක්ෂණ මධ්‍යස්ථානය 
bemil.chosun.com


2007 ජනවාරි මාසයේදී Lokheed Martin සමාගම වෙත THAADමිසයිල පද්ධති දෙකක් සහ මිසයිල 40 නිපදවීමට ඇණවුමක් ලැබෙනවා.2008 මැයි මාසයේදී එක්සත් ජනපද හමුදා විසින් ප්‍රථම THAAD ආරක්ෂණ පද්ධතිය පිහිටුවනවා Fort Bliss - Texas හිදි.දෙවන ආරක්ෂණ පද්ධතිය 2009 ඔක්තෝම්බර් මාසයේදී පිහිටුවනවා.2013 වසරේදී Lokheed Martin සමාගමට $ 3.9 Bn ඇනවුමක් ලැබෙනවා THAAD මිසයිල පද්ධති 110 නිපදවීමට.


THAAD ක්‍රියාත්මක වන ආකාරය 




Federation of american scientist-dod 


මිසයිල පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්තයි.එනම් මිසයිල රදවනය,යවනු ලබන මිසයිල ,රේඩාර් පද්ධතිය සහ උපක්‍රමික පාලන මධ්‍යස්ථානය ලෙස.THAAD මිසයිල පද්ධතිය සාමාන්‍යයෙන් මිසයිල නිකුත් කරන වාහන 6 කින් යුක්තයි.එක වාහනයක මිසයිල 8 ක් තිබෙනවා.මීට අමතරව ජංගම උපාය මාර්ග කොටස් දෙකකින් සහ රේඩාර් පද්ධතියකින් සමන්විතයි.මිසයිලය ඉලක්ක කරන දෙය සහ එහි විස්තර පලමුව භාගත කරනු ලබන අතර යාවත්කාලීන කල ඉලක්ක සහ අවශ්‍ය අනෙකුත් තොරතුරු මිසයිල යන අතරතුර එයට ලබාදෙනවා.මේ වනවිට THAAD පරීක්ෂණ කර ඇති අවස්ථා 15 න් සියල්ලම සාර්ථක පරීක්ෂණ.එම සියලුම අවස්ථාවලදී THAAD මගින් පැමිනෙන මිසයිල විනාශ කරදමනු ලැබුවා.



මිසයිල රදවනය 



stripes.com

මිසයිල රදවනය වාහනය වැඩිදියුණු කරන ලද Oshkosh ට්‍රක් රථ සමාගමේ බඩු හැසිරවීමේ හැකියාව සතු රථයක් .එය දිගින් 12 m සහ පළල 3.25 m යුක්තයි .එක වරක් භාවිතා කලපසු නැවත ක්‍රියාත්මක කිරිමට යන කාලය මිනිත්තු 30 ක්.


ගුවනට යවන මිසයිලය.



මිසයිලයක් ගුවන් ගත වන අවස්තාවක් 
stripes.com 


සතුරු මිසයිලය විනාශ කිරීමට ගුවනට යවනු ලබන මිසයිලය තමා මෙය.දිග මීටර 6.17.බර 900 kg.ශබ්දයේ වේගය මෙන් 8.6 ගුනයක් නැත්නම් 10,000 km වේගයෙන් ගමන් කල හැකියි.මෙහි එන්ජිම Pratt & Whitney සමාගම විසින් සපයනවා.මිසයිලය සතුව අධෝරක්ත කිරණ හිසකුත් සතුයි.


උපක්‍රමික මෙහෙයුම් මධ්‍යස්ථාන




මෙහෙයුම් පද්ධතියේ ඇතුළත දර්ශනයක් 
Defense update.com 


සෑම THAAD පද්ධතියක් සතුව මෙවැනි උපක්‍රමික මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් තිබෙනවා.මෙම මෙහෙයුම් මධ්‍යස්ථාන Northcorp Grumman විසින් නිපදවන ලද ආම්පන්න.මෙය මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකකින් සහ HP සමාගම විසින් නිපදවන ලද තොරතුරු විශ්ලේෂණ ස්ථාන තුනකින් සමන්විතයි.සතුරු මිසයිලයක් පිලිබඳ අනෙකුත් ආරක්ෂක පද්ධත වන එක්සත් ජනපද නාවුක හමුදාව මගින් ක්‍රියාත්මක කරන Aegis ආරක්ෂක පද්ධතිය හෝ මිතුරු රටවල ආරක්ෂක පද්ධති සමඟ තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය සතුයි.


රේඩාර් පද්ධතිය 



raytheon.com


THAAD සදහා රේඩාර් පහසුකම් සපයන්නේ Raytheon සමාගමේ AN/ TPY -2 පද්ධතිය.මෙය මිසයිල නිරීක්ෂණයට ,වර්ගකිරීමට සහ අදුනාගැනීමට යොදාගන්නවා.මෙහි වර්ග දෙකක් ඇත.එක් පද්ධතියක් මිසයිල ගුවන් ගතවීම හදුනාගැන්මටත් අනෙක සතුරු මිසයිල විනාශ කිරීමට යවනු ලබන මිසයිලයට මග පෙන්වීමටත් යොදාගන්නවා.රේඩාර් පද්ධතිය X කාන්ඩයේ විද්‍යුත් චුම්බක සංඛ්‍යාත භාවිතා කරනවා මිසයිල හදුනාගැනීමට.

මෙම රේඩාර් වලට අමතරව චන්ද්‍රිකා මාරගයෙනුත් THAAD මාර්ගෝපදේශය කලහැකියි.රේඩාර් පද්ධතියට 1000 km වපසරියක මිසයිල තර්ජනයක් හදුනාගත හැකියි.


ඊශාලයේ Iron Dome සමඟ THAAD සැසදීම.





Iron Dome ක්‍රියාත්මක අවස්තාවක් 
bloomberg.com 


Iron Dome කියන්නේ ඊශාලය විසින් නිපදවා ඇති මිසයිල ආරක්ශක පද්ධතිය.මේ පිලිබඳ පසුගිය සතියේ roar මගින් විස්තරාත්මක ලිපියක් එලිදක්වා තිබුණා.Iron Dome සහ THAAD අතර යම් යම් සමානකම් තිබුණත් වෙනස්කම් කිහිපයකුත් තිබෙනවා.එක් වෙනසක් නම් Iron Dome හි මිසයිල හදුනාගැනීමේ වපසරිය අඩුයි.Iron Dome කාලතුවක්කු ,කෙට් දුර හා මධ්‍යම දුර මිසයිල හදුනාගැනීම සදහා හොද ආරක්ෂක පද්ධතියක්.THAAD දිගු දුර සහ අන්තර් මහද්වීපික මිසයිල සදහාම නිපදවූ ආරක්ෂක පද්ධතියක්.



THAAD සමඟ රුසියානු S -400 සැසදීම 



S -400 මිසයිල පද්ධතිය 
sputniknews.com 


S 400 කියන්නේ රුසියාව විසින් නිපදවා ඇති මිසයිල ආරක්ෂක පද්ධතිය.S 400- සහ THAAD අතර ඇති විශේෂම වෙනස නම් S 400 හට මිසයිල වලට අමතරව ගුවන් යානා, ඩ්‍රෝන ආදියද විනාශ කිරීමේ හැකියාව තිබීමයි.මීට අමතරව S 400 මගින් ලබාගන්නා තොරතුරු එහි බාල සහෝදරයන් වන S 300 සමඟ බෙදාහදා ගැනීමේ පහසුකමත් S 400 සතුයි.කෙසේ වෙතත් මිසයිල ආරක්ෂක පද්ධතියක් වශයෙන් සැලකූ විට S 400 හට වඩා ලෙහෙසියෙන් විනාශ කල හැක්කේ කෙටි දුර සහ මධ්‍යම දුර මිසයිල පමණයි.අන්තර් මහද්වීපික මිසයිල විනාශ කිරීමට ඇති හොදම ආරක්ෂක පද්ධතිය තමා THAAD.


දකුණු කොරියාවේ THAAD පිහිටුවිම.



දකුණු කොරියාවේ ඇති THAAD මධ්‍යස්ථානක් 
south china morning post 


උතුරු කොරියාව , දකුණු කොරියාව සහ ඇමරිකාව සමඟ එකතු වෙලා සාම සාකච්ඡා සදහා මේ දිනවල සූදානම් වුනත් පසුගිය වසර කිහිපය තුල උතුරු කොරියාව දිගින් දිගට මිසයිල අත්හදා බැලීම් සිදුකලා.මේ හේතුව නිසා 2016 වසරේදී දකුණු කොරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ THAAD මිසයිල පද්ධතිය තමුන්ගේ රටේ පිහිටවන්න කියලා.මෙයට චීනය දැඩි ලෙස විරුද්ධ වනවා.මෙයට ප්‍රධනම හේතුව THAAD හි අති ප්‍රබල රේඩාර් පද්ධතිය.එයට පුලුවන් 1000 km ඇතුලත චලනය වන 1 m වඩා විශාල ඕනෑම වස්තුවක් හදුනා ගැනීමට. චීනය පවසා සිටියේ ඇමරිකාව මෙම රේඩාර් පද්ධතිය චීනයේ ඔත්තු බැලීමට යොදාගන්නා බව.මෙය චීනය නොනිල වශයෙන් දකුණු කොරියාව වෙත ආර්ථික සමබාධක පැනවීම දක්වා දුරදිග ගියා.නමුත් චීනයේ විරුද්ධත්වය මැද වුවත් 2017 මැද භාගය වනවිට එක්සත් ජනපදය විසින් THAAD සවිකිරීම ආරම්භ කලා.




කවරයේ ජායාරූප time.com


මූලාශ්‍ර 

army-technology.com
lockheedmartin.com
raytheon.com 
indianexpress.com
sputniknews.com 




Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy