මොකක්ද මේ Blockchain තාක්ෂණය

By Chamikara Sapuge 



පසුගිය අවුරුදු කිහිපය තුල කතාබහට ලක්වුණු දෙයක් තමා cryptocurrency. හැමෝම වගේ bitcoin ගැන කතා කරන්න පටන් ගත්තා.මේ cryptocurrency එක්ක ආපු අනෙකුත් තාක්ෂණය තමා blockchain.මේ blockchain තාක්ෂණය මගින් cryptocurrency නිපදවීම හැර තවත් බොහෝ දේ කලහැකියි.මෙම ලිපිය මගින් blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය ගැන විස්තර කිරීමක් සිදුකරනවා.

Blockchain කියන්නේ පරිගණක ජාලයක් හරහා බෙදාගන්නා දත්ත ගබඩාවක්.මෙම දත්ත ගබඩාවට යම් තොරතුරු එකතු කලවිට එය වෙනස් කිරීම බොහොම අපහසුයි.මෙම දත්ත සමුදායේ සියලුම පිටපත් ,විස්තර යම්කිසි වෙනස් වීමක් සිදුවී හා දත්ත ගබඩාවේ සියලුම පිටපත් එකක් බව සනාථ කිරීමට මෙම ජාලය නිරන්තර පරීක්ශාවට ලක්වනවා.


Blockchain Database 




සියලුම විස්තර එකට එකතු කර, එකට බන්ඩල් කර chain එකේ එකක් පසුපස එකක් ලෙස එකතු කරනවා.පහත විස්තර කරල තියෙන්නේ එම blockchain තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා.


පලමු පියවර - Record a Trade 





යම්කිසි වෙලදාමක් වාර්තා වනවා.හිතන්න ඔබ යම්කිසි භාණ්ඩයක් විකුණනවා ඔබගේ යහලුවකට.රුපියල් 100 මිලකට.මේ සදහා ඔබ යම්කිසි ගිවිසුමට අත්සන් තබනවා ඔබගේ ඩිජිටල් අත්සනින්.


දෙවන පියවර - Validating 




ඉහත පලමු පියවරෙහි කරන ලද වෙලදාම පරිගණක ජාලය මගින් පරීක්ෂා කර බලනවා.ඉන්පසු එම ජාලයේ ඇති පරිගණක එම වෙලදාම වලංගු බව සහතික කරනවා.


තෙවන පියවර - Create a Block 




පරිගණක ජාලය භාරගන්නා වාර්තා block එකක් බවට පත්වනවා.මෙම සෑම block එකක් සදහාම එයටම ආවේණිකවූ කේතයක් තිබෙනවා.එය hash code ලෙස හදුන්වනවා.එම hash code තුල එයට පෙර block එකෙහි hash code අඩංගු වනවා.


හතරවන පියවර - Blockchain Created 




ඉහත නිපදවන ලද block එක එකට එකතු කර blockchain නිපදවනවා.එම blocks වල ඇති hash code මගින් එම blocks නියමිත ආකාරයට ගොනු කරනවා.

සරලව විස්තර කලහොත් blockchain ක්‍රියාත්මක වන්නේ ඉහත විස්තර කල ආකාරයටයි.මෙම blockchain තාක්ෂණය සමග එන එයටම ආවේණික ආරක්ෂක විධි සහ ගතිලක්ෂණ තිබෙනවා.ඒවා මොනවාද යන්න සොයා බලමු.


දත්ත වෙනස් කිරීම අපහසුයි 


ඉහත පැවසූ block එකක් ඇති hash code ජනනය කරනු ලබන්නේ ඩිජිටල් තොරතුරු ලබාගෙන එය ගණිතමය ක්‍රමයක් තුලට ඇතුළත් කර ලබාගන්නා අකුරු සහ ඉලක්කම් මාලාවක් මගින්.

මුල් දත්ත ගොනුවේ ප්‍රමාණය කුමක් උවත් hash code එකම දිගකින් යුතුව නිපදවෙනවා.උදාහරණයක් ලෙස පැවසුහොත් ඔබගේ twitter පණිවිඩයක් සදහා නිපදවන hash code සහ පොතක් සදහා නිපදවන hash code එකම දිගකින් යුක්ත වනවා.

මෙම උදාහරණය බලන්න.වචන හතරක twitter පනිවිඩයක් සහ වචන ලක්ශ 500,000 පමණ පොතක් වන “ යුද්ධය හා සාමය “ පොත සදහා නිපදවෙන hash code එකම දිගකින් යුක්තය.




c6f7257abff7b43959cd728f06c0c74230391640115cc3ea86a7e54be62aecc4 - hash code for twitter 





a948904f2f0f479b8f8197694b30184b0d2ed1c1cd2a1ec0fb85d299a192a447- hash code for book 

අනිත් කාරණය මුල් පිටපතේ යම්කිසි වෙනසක් සිදුවුවහොත් නව hash code නිර්මාණය වනවා.මෙහි පෙන්වා ඇති උදාහරණයේ ඇති ආකාරයට ලියෝ තෝලස්තෝයි විසින් රචිත “ යුද්ධය හා සාමය “ පොතෙහි එක අකුරක් හෝ වෙනස් කලහොත් නිපදවන hash code වෙනස්.




Original Hash Code 

a948904f2f0f479b8f8197694b30184b0d2ed1c1cd2a1ec0fb85d299a192a447

New Hash Code

40115cc2aecc43ea86a7e54be6f7257abff7b43959cd728f06c0c7423039166r


මෙම දක්වා ඇත්තේ “ යුද්ධය හා සාමය “ පොතේ කමාවක් මැකීමෙන් කිරීමෙන් පසු hash code.පලමු hash code සමග සැසදීමේදී මෙය වෙනස් බව ඔබට පෙනෙනවා ඇති.

Hack කරන්න අමාරු ඇයි



හිතන්න blockchain එකේ යම්කිසි වෙනසක් සිදුවනවා.එවිට නව hash code එකක් නිපදවනවා.නමුත් ජාලයේ ඇති අනෙක් block එකේ තියෙන්නේ පරණ hash code එක.ඉතින් hacker කෙනෙක් මේ blockchain එක hack කරන්න හිතුවොත් ඔවුන්ට සිදුවන්නේ එම අනෙක් block එකෙහි ඇති hash code එක සොයාගැනීමට.hackers ලා හට මෙම blockchain එක hack කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට සිදුවනවා එම blockchain එකේ ඇති සියලුම blocks වල hash code සොයාගැනීමට.මොකද ඒ hash code එකකට එකක් වෙනස්.ඒ වගේ සියලුම hash code හොයාගන්න සුපිරි පරිගණකයක් පාවිච්චි කරන්න වෙනවා.blockchain තාක්ෂණය hack කරන්න අපහසුයි කියන්නේ ඔන්න ඔය කාරණය නිසා.

Distributed Ledger Technology - විමධ්‍යගත කරන ලද දත්ත ගබඩාකිරීම 




සාමාන්‍ය database එකක වගේ නොවෙයි blockchain database එකක admin කෙනෙක් නෑ.blockchain තාක්ෂණය decentralize එකක්.එතකොට කොහොමද විශ්වාසය රැකෙන්නේ.මෙම blockchain තාක්ෂණය කාර්යාලයක් තුල භාවිතා කරනවානම් එය සේවකයන්ට පමණක් සීමා කලහැකියි.නමුත් bitcoin වැනි සියලු දෙනාටම සහභාගී විය හැකි blockchain තුල අන්‍යයතාව තහවුරු කිරීමට යම්කිසි අකාරයක ගණිතමය ගැටලු විසදිය යුතුයි.අපි cryptocurrency වල mining ලෙස හදුවන්නේ මෙය.

මෙම blockchain තාක්ෂණය cryptocurrency , මූල්‍ය ක්ශේත්‍රය , ජන්ද විමසීමට, records තබා ගැනීමට , ආදී ක්ශේත්‍ර ගනනාවක් සදහා යොදාගත හැකියි.ඉදිරි ලිපි කිහිපයකින් ඒ ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වනවා.



Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy