කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම

By Chamikara Sapuge 


තාක්ෂණය කොතරම් දියුණු උවත් තවමත් අපේ රටේ නම් රජයෙන් වැඩක් කරගන්න ගියාම එය ටිකක් කරදකාරී දෙයක්.නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීමට රජය විසින් යම් යම් පියවර ආරම්භ කර තිබුණත් තව බොහෝදේ ඒ සම්බන්ධව කලහැකියි. 
ප්‍රාදේශීය සභාවෙන් නිවසක සැලැස්ම අනුමත කරන තැන සිට , ආගමන විගමන දෙපාර්තමේන්තුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව , රේගුව, ආදී නම් නොකියවූ බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවල කාර්යන් සදහා තවමත් ලිපි ලේඛන වල භාවිතයේ නම් අඩුවක් නැහැ.

නමුත් පසුගිය වසර කිහිපය තුල කරලියට පැමිණි blockchain තාක්ෂණය හරහා මෙම ප්‍රශ්නවලට විසදුමක් ලගාකර ගන්න හැකියාව ලැබී තිබෙනවා.ලොව බොහෝ රටවල් මෙම blockchain තාක්ෂණය පිලිබඳ අධ්‍යායනය කරමින් කාර්යක්ෂම ,ගුනාත්මක සහ පහසු රාජ්‍ය සේවයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.අපේ රටටත් මෙම blockchain තාක්ෂණය පිලිබඳ සොයා බලා එය රාජ්‍ය සේවයේ කටයුතු පහසු කිරීමට දැන් කාලය හරි.මෙම ලිපිය අපේ රටෙ සදහා එම blockchain තාක්ෂණය යොදා ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳව සොයාබැලීමක්.

Blockchain තාක්ෂණය ගැන කෙටි හැදින්වීමක්

Blockchain තාක්ෂණය එහෙම නැත්නම් distributed ledger technology ‍යනු cryptography(දත්ත රහසිගතව තබා ගන්නා ගණිතමය ක්‍රමය ) තුලින් එකට බැදී ඇති ලේඛන ගනනාවක්.මෙම වාර්තා සහ ලේඛන පිලිබඳ සියලුම ගනුදෙනු සිදුකරනු ලබන්නේ distributed ledger එක හරහායි.මෙය විමධ්‍යගත ( decentralize)  සහ සමකාලීනව සිදුවන ( synchronized) පද්ධතියක්.Blockchain පද්ධතියක් තුල අනවසර දත්ත වෙනස් කිරීම් සිදුකල නොහැකියි.

ලොව අනෙකුත් රටවල blockchain භාවිතය

Dubai 

Blockchain තාක්ෂණය සදහා වැඩිම ආයෝජනයක් කරන රට ලෙස ඩුබායි රාජ්‍ය හදුන්වන්න පුලුවන්.ඩුබායි බලාපොරොත්තු වනවා 2020 වනවිට පලමු රට බවට,පත්වීමට සම්පූර්ණයෙන්ම blockchain මගින් පනගැන්වූ රජය බවට පත්වීමට.ඔවුන් දැනට ඩුබායි වලට පැමිනෙන මිලියන ගනනාවක් වූ සංචාරකයන් ගේ දත්ත සකස් කිරීමට blockchain තාක්ෂණය යොදාගන්නවා.

Estonia 

Blockchain ආරම්භයේ සිටම ඒ සදහා යොමුවූ රාජ්‍යයක් ලෙස Estonia හදුන්වන්න පුලුවන්.ඔවුන් දැනට ජාතික හැදුනුම්පත් නිකුත්කිරීමට සහ ආරක්ෂක , සෞඛ්‍ය ආදී අංශ වල දත්ත ගබඩා කිරීමට blockchain තාක්ෂණය යොදාගන්නවා.

United States

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ඔවුන්ගේ කටයුතු සදහා blockchain තාක්ෂණය යොදාගැනීම සම්බන්ධව කටයුතු කරනවා.Illinois ප්‍රාන්තය ඔවුන්ගේ උප්පැන්න සහතික සහ හැදුනුම්පත් නිකුත් කිරීමට blockchain තාක්ෂණය යොදාගෙන අත්හදා බැලීමක් සිදුකරනවා.

ශ්‍රි ලංකාව සදහා blockchain තාක්ෂණය යොදාගැනීම 


1 කාර්යක්ෂම බදු එකතු එකතු කිරීමට 

බදු සම්බන්ධ තොරතුරු එකතු කිරීම බොහෝ කාලය ගත වන සහ සංකීර්ණ දෙයක්.සමහරවිට එය සති හෝ මාස ගනනක් වියහැකියි.Blockchain තාක්ෂණය මගින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙනවා සියලුම භාණ්ඩ සහ සේවාවන් සදහා digital ledger එකක් නිර්මාණය කිරීමට.මේ මගින් විශ්වාසනීය ලෙස ගනුදෙනු කිරීම සදහා තොරතුරු පද්ධතියක් නිර්මාණය කලහැකියි.එමෙන්ම blockchain තාක්ෂණය මගින් අප විසින් කලයුතු හරි වැරදි සොයාබැලීමට යන කාලය අඩුකිරීමට හෝ සමහරවිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට උවත් හැකියි.මීට අමතරව double taxing සහ VAT claim කිරීම පහසු කිරීමටත් මෙය උපකාරී වනවා.මේ මගින් ව්‍යාපරයන්ට ඔවුන්ගේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අවස්තාව සැලසෙන අතරම රජයට බදු ආදායම් අහිමිවීම නවතාලන්නත් පුලුවන්.

2 ඉඩම් ලියාපදිංචි කිරීමට 

ව්‍යාජ ඔප්පු සාදා ඉඩම් විකිණීම අපේ රටේ අහන්න දකින්නට ලැබෙන දෙයක්.නමුත් blockchain තාක්ෂණය මෙම ඔප්පු ලබාදීමේ සහ එම තොරතුරු ගබඩා කිරීම සදහා යොදාගන්නවා නම් එම ආකාරයේ ව්‍යාජ ඔප්පු සෑදිම නැවතීමට හැකියාව ලැබෙනවා.Blockchain තාක්ෂණය යොදාගැනීමෙන් හිමිකරුවාටම අනන්‍යවූ , වෙනස් කල නොහැකි , කිසියම් වෙනස් කමක් සිදුවුවහොත් එය සියලුම දෙනාටම දැනගතහැකි ආකාරයේ විශ්වාසදායී දේපල වාර්තා නිකුත් කලහැකියි.

ඉඩම් ලියාපදිංචිය සදහා විමධ්‍යගත, ප්‍රමිතිගත පද්ධතියක් blockchain තාක්ෂණය මත ක්‍රියාත්මක වනවානම් ඒ සදහා යන ලේඛන සංඛ්‍යාව සහ ක්‍රියාත්මක වන අතරමැදි දෙපාර්තමේන්තු සංඛ්‍යාව අඩුකර එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායී සහ අඩු කාලයකින් සිදුකල හැකිවනවා.

3 පුද්ගල ලියාපදිංචියට

සියලු දෙයම ඩිජිටල් වමින් පවතින වර්තමානයේදී අපගේ අනන්‍යතාව ඩිජිටල් කරණය කිරීමට කාලය හරි.Blockchain තාක්ෂණය යොදාගෙන අපගේ අනන්‍යතාව සොරාගත හෝ වැරදි ලෙස භාවිතා කල නොහැකි cryptography ලෙස සකසා ඇති සුරක්ෂිත කල digital wallets එකක් මගින් අපේ අනන්‍යතාව තහවුරු කලහැකියි.අපට සීමා කලහැකියි මොන තොරතුරුද අනෙකුත් අයට බලන්න පුලුවන් , කාටද එම තොරතුරු පරිශිලනය කල හැක්කේ යන්න.මෙවැනි blockchain මත පදනම් වූ ඩිජිටල් හැදුනුම්පත් ක්‍රමයක් මගින් පුද්ගල අනන්‍යතාව වෙනස් කිරීම , සොරා ගැනීම ආදියට නැවතීමේ තිත තැබිය හැකියි.

එස්තෝනියාවේ මෙම blockchain මත පදනම්ව පුද්ගල ලියාපදිංචිය සිදුකරන රාජ්‍යයක්.එහි වැසියන්ට පුලුවන් බැංකු සහ වෛද්‍ය පහසුකම් අන්තර්ජාලය හරහා ලබාගැනීමට ඔවුන්ගේ ඩිජිටල් හැදුනුම්පත් භාවිතා කරමින්.මෙම ඩිජිටල් හැදුනුම්පත් ක්‍රමය මගින් රජයේ අනෙකුත් කාර්යන් සිදුකිරීමේදී ඒවා පහසුවෙන් සිදුකරගැනීමට අවස්තාව ලැබෙනවා.‍






Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාව -නව්‍යකරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය

මොකක්ද මේ Blockchain තාක්ෂණය

Importance Of National Payment Platform- How Sri Lanka Can Transform To Cashless Economy